Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 13
1,713
Views
පෙට්‍රල්වලට භූමිතෙල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා.

ඒ, ගල්වෙල - දේවහූව - මකුලූගස්වැව ප්‍රදේශයේදී පෙට්‍රල් බවුසරයකට භූමිතෙල් මිශ්‍ර කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද අත්අඩංගුවට ගැනීමත් සමගයි.


එම බවුසරයේ රියදුරා, රිය සහායකයා සහ භූමිතෙල් රැගෙන පැමිණි වෙනත් ලොරි රථ රියදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගත් අතර, මොවුන් දීර්ඝකාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
 
වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවුණේ අදාළ තෙල් බවුසරය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එම් මහරුෆ්ට අයිති එකක් බවටයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට තමාගේ සම්බන්ධයක් නොමැති බවට මන්ත්‍රීවරයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඡායාරූප පහිතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top