Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 November 09
1,426
Views
සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නිමාවු නවසිලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝණි දක්ෂතා අතරට නොපැමිණීම සහ තරුණ ක්‍රිඩකයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 20 වනදා ආරම්භ වනවා.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට්, විස්සයි විස්ස, එක්දින තරඟ තුන බැගින් පැවත්වෙන අතර එම තරඟාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් විදේශ සංචාරයක් සඳහා ගුවන් තොටුපොල වෙත පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත වීමත්, ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට අවස්තාව ලබා දීමත්, වසර ගණනාවක් පුරා පැවති ක්‍රමවේදයක්.

නමුත් ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම පිටත්ව ගියේ අද උදෑසන වුවත්, ඔවුන්ගේ සමූහ ඡායාරූපය ගැනීම සහ ආගමික වතාවත් ඊයේ පස්වරු 4ට පවත්වන්නට කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත් පස්වරු 3 පසුවන තෙක්ම මේ පිලිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය පැහැර හැර තිබුණේ, එය තමන්ට අදාළ රාජකාරියක් බව අමතක වීම නිසාද නැතහොත් හිතාමතාම මාධ්‍යයෙන් සැඟවීමට ද යන්න ප්‍රශ්නාර්ථයක්.

අවසානයේ අදාළ වැඩකටයුතු ආරම්භ කිරීමට මිනිත්තු 35කට පෙර ලැබුණු ඊ මේල් පණිවිඩයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිය මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි අයුරින් ඉටු කර ගන්නට ද ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන උපදේශකවරයෙක් ඔහු විසින්ම නායකයාගෙන් අසන ලද ප්‍රශ්න දෙකකින් සෑහීමකට පත් විය යුතු බවට නොයෝග කළේ ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට ජනමාධ්‍යට ඇති අයිතියද උදුරා ගනිමින්.

ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය උපදේශකවරයකු බව පැවසෙන මේ පුද්ගලයා කලක් අන්වර්ථ නාමයකින් පුවත්පතකට ක්‍රීඩාවේ අඩුපාඩු පිලිබඳ ලිපි ලියූ හිටපු මාධ්‍යවේදියකු වීම කණගාටුවට කරුණක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කටයුතු සඳහා මෑත කාලීනව විශාල පිරිසක් සම්බන්ධ වනවා.

විදෙස් තරග සංචාර වලට සහභාගී වෙමින් ක්‍රිකට් ආයතන වෙබ් අඩවියට ලිපි සපයන්නන්ගේ සිට මාධ්‍ය උපදේශකවරුන් දක්වා පිරිසක් ඊට ඇතුලත්.

කෙසේවෙතත් දිනේෂ් චන්දිමාල් තම පෞද්ගලික විශ්වාසයන් පිලිබඳ සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කළ විදෙස් මාධ්‍ය, පාකිස්තාන ටෙස්ට් තරගාවලි ජය සඳහා ශ්‍රී ලංකාව මායාකර්ම භාවිත කළ බවට පුවත් පල කරමින් ලොව පුරා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන විට එය නිවැරදි කරන්නට හෝ මේ මාධ්‍ය විශාරදයන් කිසිවෙකුට උවමනාවක් තිබුණේ නැහැ.

මේ කරුණු හරහා පැනනගින ගැටලුව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ රාජකාරිය තම වේතනය රැකගැනීම සඳහා මාධ්‍ය මර්ධනය කරමින්, බලධාරීන්ගේ සට කපට ක්‍රියා සියල්ල සැඟවීම ද යන්නයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top