Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 25
1,728
Views
විදේශිකයින් ශ්‍රී ලංකාවට ආදරය කරන්නේ ලෝක උරුම රැසක් පිහිටා තිබීමත් ඒවායේ වටිනාකමත් හොඳින් දැන සිටීමත් නිසයි.

මෙලෙස අනුරාධපුර අවුකන පුදමිමේ වෙසෙන එවැනි විදෙස් ජාතික කාර්මික ඉන්ජිනේරුවරයකු පිළිබඳ පුවතක් වාර්තා වුණා.

ජෝෂප් ප්‍රිට්සර් නැමති මොහු 51 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රියානු ජාතික දෙදරු පියෙක් වගේම හදවතින් ශ්‍රී ලාංකිකයෙක්.


1988 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ජෝෂප් මෙරට බොහෝ ස්ථාන සංචාරය කරත් ඒ අතරින් ඔහුගේ සිත නැවතුණේ අනුරාධපුර කලා වැව ඉස්මත්තේ මහා කළුගලක පණ පෙවූ අවුකන බුද්ධ ප්‍රතිමාව වහන්සේ අභියසයි.

එතැන් පටන් මොහු විජිතපුර අවුකන විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු විහාර භූමිය සුද්ද පවිත්‍ර කරමින් දැඩි භක්තියතින් යුතුව කල් ගෙවන්නට තීරණය කරනවා.

පාන්දරින් අවදි වන මොහු අලුයම 06.00 සිට උදෑසන 10.00 දක්වාත් සවස 2.00 සිට රාත්‍රි කාලය දක්වාත් අවුකන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටට වී සිතේ දැඩි භක්තියකින් භාවනා කිරීම ජෝෂප්ගේ පුරුද්දක් වුණා.

දෙදරු පියෙක් වන ජෝෂප් මෙරට පැමිණි සෑම අවස්ථාවකම බිරිය හා දරුවන් සමඟ කිහිපවතාවක්ම අවුකන විහාරයට පැමිණ වැඳපුදා ගෙන විහාරස්ථාන නායක හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගෙන යෑමද අමතක කර තිබුණේ නැහැ.

2016 වසරේ බිරිය සමඟ පැමිණීමෙන් පසු මොහු නැවත සිය මව් රටට පිටව ගියත් අවුකන පුදබිම පිළිබඳව සිතේ තිබූ දැඩි භක්තිය නිසා ජෝෂප් නැවත 2017 අගෝස්තු මස තනිවම ලංකාවට පැමිණෙනවා.

පසුව අවුකන රජමහ විහාරාධිපති හිමියන් හමුවීමෙන් අනතුරුව මොහු එතැන් පටන් උන්වහන්සේගේ අවසර ඇතිව එහි නවාතැන් ගෙන දිනපතා මුළු විහාරස්ථානයම එදා සිටම සුද්ද පවිත්‍ර කිරීමේ සත් ක්‍රියාවට හුරු වුණා.

ජෝෂප් ප්‍රිට්සර් කළ ප්‍රකාශයක් පුවත් පතක මෙසේ සටහන් කර තිබුණා.

"මාගේ වයස අවුරුදු 51යි. මා ඉපදුණේ ඔස්ට්‍රියාවේ. එය යුරෝපීය රටක්. මා මුලින්ම පවුලේ උදවිය සමඟ ලංකාවට පැමිණි අවස්ථාවේදී අවුකන පිළිමය දැකීමෙන් අනතුරුව ආධ්‍යාත්මික සිතක් පහළ වුණා. එතැන් සිට මා වරින් වර ලංකාවට පැමිණ එම පිළිම වහන්සේ වැඳපුදා ගන්නවා. ඒ අතරතුරදී මා දුටු එක් දසුනක් තමයි පිළිම වහන්සේ දැකබලා ගැනීමට පැමිණෙන පාසල් ළමයින් හා වැඩිහිටි බැතිමතුන් විහාරස්ථාන භූමිය පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ බැහැර කර අපවිත්‍ර කර යෑම.

"ශ්‍රී ලංකාව සුන්දර රටක්. කාලගුණයේ අයහපත් බලපෑම් අවම රටක්. ලෝක උරුමයන් තිබෙන රටක්. ආගන්තුක සත්කාරවලින් ඉහළ රටක්. එවැනි රටක ඉපදී මේ උරුමයන් රැකගැනීමට කැපවන්න කියා මා ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා."

"මෙවර ලංකාවට පැමිණ අවුකන විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ගෙන් අවසර ලබාගත්තා භාවනාවේ යෙදීමට. ඒ අතරතුරේදී විහාරස්ථාන භූමියේ දෛනිකව ගොඩගැසෙන කුණු කසළ ඉවත් කිරීම මා විසින් සිදුකරනවා. එම කාර්යයත් එක්තරා භාවනාවක් හැටියටයි මා දකින්නේ. එය ඉතා අර්ථවත් ක්‍රියාවක්."

"මේ පිළිමය අපි සියලු දෙනාගේම වස්තුවක්. මේ වසර අවසානයේදී මා මාගේ රටට යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒත් ජීවිත කාලය පුරා අවස්ථාවක් ලැබෙන සෑම විටකදීම අවුකන විහාරස්ථානයට පැමිණ වන්දනාමාන කර සුද්ද පවිත්‍ර කටයුතු කිරීමට මා කැපවී සිටිනවා"

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top