Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 18
1,445
Views
එංගලන්තයේ Norfolk කියන ප්‍රාන්තයේ ජිවත් වෙන ලියුම් බෙදන්නියක් (Alison Preston )සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සදහනක් කරනවා. ඒ ඇය පරවියෙකුගේ ආදරය ලබන නිසා. මේ පරවියා ඇය යන හැමතැනකම යන බවත් නිතරම ඇයගේ හිසේ සිටින බවත් සදහන්. ලියුම් බෙදන්න ඇයගේ තනියට එන මේ පරවියා මිට මාස හතරකට පෙර තමයි ඇයට මුණගැසිලා තියෙන්නේ.

 
තමන්ගේ ගෙවත්තේදී. ගෙදර තිබෙන ලියුම් පෙට්ටිය උඩ නිරන්තරයෙන්ම ඉන්න බවත් අසල්වැසි ගෙවල්වල ගෙවත්තට පවා යන බවත් සදහන්. නමුත් ඒ කිසිම විටෙක ඒ නිවෙස්වල ජිවත් වන පිරිස සමග එකතු නොවන බවත් ලියුම් බෙදන්නිය සමග පමණක් මිත්‍ර බවත් සදහන්. "එයා මට හරි එකතුයි.. ඒත් අනිත් අය එක්ක නම් එකතු නැහැ. සමහර වෙලාවට මෙයාගේ දග වැඩවලට අසල්වැසි අය බයයි. මේ පරවියා මිනිසුන්ට හිරිහැරයක් කරයි කියලා. මම අවුරුදු දහයක් තිස්සේ මේ විදිහට ලියුම් බෙදන්නේ. දැන් මට හොද සහකරුවෙක් ලැබුණා. .."

ඇය කියන්නේ එහෙමයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top