Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 18
1,664
Views
අපි හැමෝම ඉපදෙන්නේ හිස් අතින්. නමුත් මිනිසෙක්ව ඉපදුණු කෙනෙක් හිස් අතින්ම මිය යන්නේ නැතිව වැඩදායක කෙනෙක් විදිහට මිය යන්නේ නම් ජීවිතය තෘප්තිමත් කියලා කියනවා.මේ කියන්න යන ඇයත් හිස් අතින් ඉපිද කෙටි කලකින් ලෝකයම දිනු චරිතයක්.මියුරු හඩින් ලෝකයම වසගකර ගත් ඇය ශකිරා.Shakira Isabel Mebarak උප්පැන්නයට හිමි නමයි.වර්ෂ 1977 පෙබරවාරි 2 දා හිස් අතින් කොලොම්බියාවෙදී උපත ලබන ඇයගේ ළමා කාලය ගෙවෙන්නේ දුක කරදර දුෂ්කරතා මැදයි. විලියම් මබාරක් චැඩිඩ් සහ නයිඩියා රිපෝල් ටොරාඩෝගේ එකම දරුවා විදිහට උපත ලැබුවත් ඇයව සැපසම්පත් මැද ජිවත් කරවන්නට ඔවුන්ට පුළුවන් වුණේ නැහැ.

 
"මගේ දෙමාපියන්ගේ ව්‍යාපාර කටයුතු හිටි හැටියේම අසාර්ථක වුණා. ඒ නිසා මගේ තාත්තා බොහෝ දෙනෙකුගෙන් ණයට මුදල් ගත්තා.ඒ ණය ගෙවන්න ගෙදර තිබුණු ලි බඩු හා වටිනා භාණ්ඩ විකිණුවා. ඒ නිසා මම මගේ ළමා කාලය ගෙවා දැම්මේ දුෂ්කරතා මැද්දේ. සමහර දවස්වලට මට කෑම රස නැති වෙනකොට ලස්සනට අදින්න පළදින්න නැති වෙනකොට මම දුප්පත්කමට වෛර කළා. ඒ කාලේ මගේ අම්මා මට නිතරම කිව්වා අපිට වඩා ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා. කන්න බොන්න අදින්න හරි හැටි නැති. ඔයාට මෙහෙම හරි සතුටින් ඉන්න ලැබිලා තියෙනවා. ලැබුණු දෙයින් සතුටු වෙන්න කියලා. එතකොට මගේ වයස අවුරුදු දහයක් විතර ඇති. මම ඒ දවසක මටම හයියෙන් කියා ගත්තා කවදා හරි දවසක මම ලෝකයෙන්ම දිනනවා. ගොඩක් මුදල් හම්බ කරනවා. මම හම්බකරන මුදල්වලින් දුප්පත් ජනතාවට උදව් කරනවා කියලා..."

ශකිරා ඒ අරමුණට මුලින්ම යන්නේ ඇයට වයස අවුරුදු 6ක් තියෙද්දී."La Rosa De Cristal / The Crystal Rose" නමින් හැමෝම හැදින්වූ ඇයගේ පියාට යතුරු ලියනයක් සතුව තිබෙනවා. මේ යතුරු ලියනය පියාගෙන් ඇයට හිමිව තිබෙන්නේ නත්තල් තෑග්ගක් හැටියටයි. ඒ තෑග්ගෙන් මුලින්ම ඇය යතුරු ලියන්නේ කවියක්. මේ කවිය හැමෝගෙම ඇස්වලට කදුළක් ගෙන එන්න සමත් වෙනවා. ඒ වගේම ශකිරා හැමෝම පුදුම කරවමින් කතා පොත් ලියන්නටත් සමත් වෙනවා. ඇය දුප්පත්කමෙන් ලෝකය දකින්න උත්සහ දරන්නේ එහෙමයි.

"මමයි අම්මයි තාත්තයි මගේ සහෝදරයයි ගමනක් යද්දී අනතුරක් සිදු වෙලා. ඒ අනතුරෙන් මගේ සහෝදරයා මිය ගිහින්. එතකොට මගේ වයස අවුරුදු දෙකයිලු. කාලයක් ගියාට පස්සේ මගේ පියා දෙවැනි කසාදයක් කරගත්තා.දෙවැනි කසාදයෙන් දියණියක් ඉන්නවා. නමුත් තාත්තා මට ආදරෙයි.මම ලියපු කවියක් අන්තිමට ගීතයක් බවට පත් කරන්න මම සමත් වෙනවා. එතකොට මගේ වයස අවුරුදු 8යි. "Tus gafas oscuras/Your dark glasses" නමින් ගීතය නම් කරන්නේ මගේ තාත්තා.මම දවසක් තාත්තා එක්ක අවන්හලකට ගියා. එහිදී තමයි මට මුලින්ම අරාබි සංගීතයට භාවිතා කරන සාම්ප්‍රධායික බෙර හඩක් අහන්න ලැබුණේ. ඒ හඩට මගේ හිත ගියා.එතැන් පටන් මම මට හැකි පරිදි සංගීත කාණ්ඩ හොයන්න රසවිදින්න පටන් ගත්තා. ඒ වගේම පාසලේ දක්ෂතා දැක්වුවා.ගායනයෙන් කැපී පෙනුණා..."

ඒ විදිහට සංගීත ජීවිතය ආරම්භ කරන ශකිරා ඇයගේ පළමු ගීත ඇල්බම දෙක සාර්ථක වූ විට ඇය එතනින් නොනැවතී ඉදිරියට ගියා.ඉන් ලැබුණු සෑම මුදලක්ම ඇය යෙදෙව්වේ දරුවන් වෙනුවෙන්. 1996 දී නිකුත් වූ Pies Descalzos, යන්නෙන් නම් කළ ඇල්බමය පිටපත් මිලියන 3 කට වඩා අලෙවි වුණා. එයින් ඇය තමාව වඩාත් ශක්තිමත් කරගත්තා.මෙම ඇල්බමය ඇයට තම අනන්‍යතාව වුණා. 2003 එක්සත් ජාතීනගේ සාමදූතිකාවක් ලෙස ඇයව පත් කළේ ජනතා සේවයට කැප වූ ගායිකාවක් නිසයි.ඒ වගේම 2011 වර්ෂයේදී දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඇති ජනාධිපති උපදේශක මණ්ඩලයට හිටපු ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඇයව පත් කළා.

"මම හිතන්නේ මාව මුළු ලෝකයම එක රැයින් දැනගත්තේ 2010 අප්‍රිකාවේ පැවැත්වූ ලෝක පාපන්දු උත්සවයට මම නිර්මාණය කරලා ඉදිරිපත් කළ වක්කා වක්කා කියන විශිෂ්ට ගීතය නිසා කියලයි. මුළු ලෝකයම මගේ දිහා බලාගෙන ඉන්නවා නේද කියන හැගීම ආවා. මම එදා ආඩම්බර වුණේ නැහැ. නිහතමානිව සතුටු වුණා.. පුංචි කාලේ දැක්ක හීනය ඉෂ්ඨ කරගත්තා නේද කියලයි මට හිතුණේ.මා ඉපදී හැදී වැඩුණේ කොලොම්බියාවේ. සිවිල් යුද්ධ, සමාජ අසමානතාව ආදී සියලු සමාජ ප්‍රශ්නවලින් පිරුණු නගරයක. නමුත් මම ලෝකය දින්නා. මට අදත් හිතෙන්නේ එහෙමයි..."

ඇය ගීතයෙන් ලෝකය දින්නා වගේම ජීවිතය දිණු බව කියන්නේ සතුටිනුයි. ඒ වගේම ලෝක පාපන්දු තරුවක්වූ, ස්පාඥ්ඤ ජාතික Antonio de la Rúa ව විවාහ කරගෙන පවුල් ජීවිතය සාර්ථකව විදි බවත් කියයි. දරුවන්ගේ සුරතල් මැද කාර්ය බහුල ජිවිතයක් ගත කරන ශකිරා හෙට මැරුණත් හිත තුල කිසිදු අයුරකින් දුකක් නැති බව කියන්නේ මුහුණේ හිනාවක් එක්කරගනිමින්.

විදෙස් පුවත්පතක පලවූ ලිපියක පරිවර්තනයක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top