Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 17
2,075
Views
මේ රීනි ද සිල්වා යනු යූ ටියුබ් වීඩියෝ ජාලය සමඟ බැඳී සිටින බොහෝ දෙනාට අමුත්තියක නෙවෙයි. ගිටාරය වයමින් ජනප්‍රිය ශිල්පීන්ගේ ගීත ඇය විසින් ගයා යූ ටියුබ් ජාලයට මුදාහැර තිබීම ඊට හේතුවයි. ඉතා මිහිරි හඬක් ඇති මේ රීනි ගැන මේ දිනවල සිනමා ප්‍රේකෂක වැඩි දෙනා කතා වෙන්නේ ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජයන්ගේ ‘ස්වරූප’ නිසයි. ස්වරූප සිනමා නිර්මාණයෙහි ප්‍රධාන චරිතයක් රඟපාන මේ ‘රීනි’ කවුද? සිනමාවට ආවේ කොහොමද?

 
රීනි මුලින්ම කිව්වොත් ඔබගේ නාමයෙහි තේරුම?

අහලා තියෙන විදියට ග්‍රීක් වචනයක්. නැවත උත්පත්තිය යනු එහි තේරුමයි.

රීනි ගැන හැඳින්වීමක් කළොත්?

මගේ ගම මහනුවර, ඉගෙන ගත්තේ යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමයෙන්. දැනට පේරාදෙණිය සරසවියේ සිව්වැනි වසරේ සිසුවියක ලෙස අධ්‍යයන කටයුතු කරනවා. පවුලේ අම්මයි, තාත්තායි, අක්කයි, මමයි.

රඟපෑමට ආවේ?

රඟපෑමට සම්පූර්ණයෙන්ම මම අලූත් කෙනෙක්. මීට කලින් කිසිම තැනක රඟපාලවත් හදාරලාවත් තිබුණෙ නැහැ. සංගීතය ගායනය තමයි මගේ රිද්මය වුණේ. වැඩි දෙනෙක් දන්නෙත් මට ගයන්න පුළුවන් කියන එකයි. නමුත් තවම මගේම නිර්මාණ කියලා කරලා නැහැ. ජනප්‍රිය ගීත මගේ රිද්මයෙන් ගයා යූ ටියුබ් සහ ෆේස්බුක් මුදා හැරියා. ඒ නිසා තමයි වැඩි පිරිසක් දැන ගත්තේ මට ගයන්න පුළුවනි කියලා.

ඉගෙනීම් කළේ සහ කරන්නේ මොන අංශයෙන්ද?

වාණිජ විෂයයන් තමයි මගේ අංශය වුණේ. එම අංශයෙන් සහ ඒ අංශයට සම්බන්ධ බොහෝ අංශ වෙතින් උසස් අධ්‍යාපනය ලබන්න ආසයි.

‘ස්වරූප’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?

ස්වරූප එකට සම්බන්ධ වුණේ මගේ පාසලේ තවත් ශිෂ්‍යාවක් මාව නදීක ගුරුගේ සර්ට හඳුන්වලා දීලා තිබුණේ. නදීක සර් නිසා තමයි පතිරාජ සර් හමුවුණේ. ඒක ඇත්තටම අහම්බයක්.

ධර්මසේන පතිරාජ වැනි ප්‍රවීණයකුගේ සිනමා නිර්මාණයක රඟපෑමට ගියාම ඒ මුල්ම දවසේ ඔබට ඇති වූ හැඟීම මොන වගේද?

ඇත්තටම මටත් ඒක අදහාගත නොහැකි දෙයක්වුණා. තිර පරීක්ෂණයට මුලින්ම ගියාම, සර් මම මීට කලින් රඟපාලා නැහැ කියලා කිව්වා. එතකොට තමයි සර් කිව්වේ හැකියාවක් තියෙනවද දන්නේ නැහැ. අපි උත්සාහයක් අරගෙන බලමු කියලා. ඊට පස්සේ අපට තීරණය කරතෑකි ඔයාට පුළුවන්ද බැරිද කියලා කිව්වා.

මොනවද මුලින්ම ගිහින් කරන්න තිබුණේ.

එදා තිර පරීක්ෂණයෙන් පසුව සර් මට පිටපත දුන්නා. මේකෙ තියෙන දේ ප්‍රකාශ කරන්න ඕනෑ විදිය ගැන හිතන්න කියලා කිව්වා. රූගත කිරීම තිබුණේ ඊට මාස එකහමාරකට පසුවයි. ඉතින් සර් කිව්ව විදියට මම ඒ පිටපත කියමින් ඒ ගැන හිතන්න පටන් ගත්තා. මට ඇත්තටම අදටත් හිතා ගන්න බැරි තරම් සතුටක්. කොහොමද මේ වගේ දැවැන්ත සිනමාකරුවකුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණේ කියලා.

මෙහි ඔබ රඟපාන චරිතය ගැන කිව්වොත්?

ගේ‍්‍රටා. ඒ ගේ‍්‍රටා ගැන වූ හැඩතල මට තිබුණද දන්නේ නැහැ. ඒ නිසා පතිරාජ සර් ඒ අවස්ථාව මට දෙන්න ඇති.

අද රඟපෑම ගැන හිතන්නෙ කොහොමද?

සිනමාව කියන්නේ හරි අපූරු මාධ්‍යයක්. ඒත් ලංකාවේ ඒ කර්මාන්තයට හරි වටිනාකමක් ලැබෙනවාද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ අංශයෙන් මෙතැන් සිට ඉදිරියටම යා යුතුය කියන අදහස මට නැහැ. හැබැයි මේ වගේම සිනමා නිර්මාණයක මෙවැනි අපූරු චරිත ලැබුණොත් කරාවි.

කැමති නැද්ද වෘත්තීමය විදියට ගායන ශිල්පිනියක වෙන්න?

කළමනාකරණ අංශයෙන් තමයි ඉදිරියට යන්නේ. වැඩිපුරම මම හිතන්නේ ඒ ගැනයි. කළමනාකරණ අංශය හා බද්ධ වූ තවත් බොහෝ විවිධ පැති ගැන හදාරන්න වගේම පළපුරුද්ද ලබා ගන්න ඕනෑ.

වෘත්තීය වේදිනියක් කරා යන ගමනේදී මේ චිත්‍රපටයේ රඟපෑමට ගෙදරින් අවසර ලැබුණද?

මුලදී එයාලා කීප වතාවක් ඒ ගැන හිතුවා. නමුත් ධර්මසේන පතිරාජ වගේ ප්‍රවීණයකුගේ නිර්මාණයක රඟපෑමට හැමෝටම අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවට සිනමාව කියන දේ හරියටම හඳුන්වලා දුන්න කෙනෙක් වගේ වූ එතුමාගේ මේ චිත්‍රපටය සඳහා කිසිඳු තහනමක් මට ගෙදරින් දැම්මේ නැහැ. අම්මි, තාත්තා, අක්කි තුන්දෙනාම මට උදව් කළා. අක්කා තමයි වැඩියෙන්ම මාව උනන්දු කළේ.

ඔබ සිනමා රසිකාවියක්ද? නැරඹූ චිත්‍රපට එහෙම?

වැඩිපුරම බටහිර චිත්‍රපට නරඹනවා. ඒ වගේම වාර්තාමය වැඩසටහන් නරඹනවා. ඒවාට මම ආසයි.

රීනි කොහොම කෙනෙක්ද? මොන වගේද?

නිදහසට හරිම කැමැතියි. මගේ වටපිටාවේ සිටින අය කියන්නේ මම නිශ්ශබ්දව සිටින කෙනෙක් කියලයි.

කලාව කොහොමද දැනෙන්නේ?

කලාව එකිනෙකාගෙ අදහස්වලට අනුව වෙනස්. පුද්ගලයාගෙන්, පුද්ගලයාට කලාව රසවිඳින විදියත් වෙනස්. මමත් රස විඳින විදියක් තිබෙනවා. ඕනෑම මිනිසකුගේ ජීවිතයට කලාව සම්බන්ධයි කියලා මට හිතෙනවා. සෑම මනුෂ්‍ය ජීවියකුටම රිද්මයක් තියෙනවනෙ. තාලයක් තියෙනවනෙ. කලාව ඇත්තටම හැමෝටම රස විඳින්න පුළුවන් දෙයක්.

‘ස්වරූප’ ඔබට දැනෙන්නේ කොහොමද?

‘ස්වරූප’ සම්භාව්‍ය ගණයේ උසස් චිත්‍රපටයක්. කෙනෙකුගේ ඇතුළාන්තය ගැන ප්‍රකාශ වන චිත්‍රපටයක්. ඒ වගේම කෙනෙකුගේ ඇතුළාන්තයට කතා කරන චිත්‍රපටයක්. මම ඉතා ගෞරවයෙන් සිනමා ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරන්නේ එය නරඹන්න කියලයි. ‘ඔබ වෙනස් මිනිසෙකි’ කියලා එහි ප්‍රකාශ වෙනවා. ස්වරූප නරඹුවොත් ඒ වෙනස බලන්න පුළුවනි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top