Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 October 17
1,552
Views
මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.

 
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රුසියාව බලා යමින් සිටි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටි ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ ගුවන් යානයේ දුම් පානය කරමින් සිටියදි ගුවන් යානා බලධාරීන්ට හසුව තිබේ. ඉන් පසුව ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නැවතු අවස්තාවේ මහින්ද කහදගමගේ ගුවන් යානයෙන් නෙරපා , ගුවන් තොටුපලේ පැය හයක කාළයක් රදවා ගැනීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් කටාර් සමාගමේ කිසිදු ගුවන්යානකට නැවත ඇතුලත් කර නොගැනීම හා ලක්ෂ 3 1/2 ක දඩයක් යන දඩුවම් මත ඔහු නිදහස් කොට ඇති බව සදහන්. පසුව මොස්කව් බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයකින් රුසියාවට ගොස් තිබෙන හැටපස් හැවිරිදි මහින්ද කහදගමගේ ‘පදික වේදිකා වෙළදාමේ අනාගතය‘ පිළිබද සම්පත්දායකයෙකු ලෙස තරුණ සමුළුව ඇමතීමට ද නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.

ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ සහ ඔහු රුසියාවේදී ගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top