ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය හැඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවරදී ගමන් ඇරඹුවා.
උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත වූ අතර ඇයගේ අත ගත් මනාළයා වූයේ රුවන් පුෂ්පකුමාරයි.
මෙයට ප්රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800ක දිගින් යුතු සාරි පොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබුණා.
මනාල යුවළ අද පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්දියේ සිට ඊරියගම මංසන්දිය දක්වා කිලෝ මීටර් හතරකට ආසන්න මාර්ගයේ දිග හරිනු ලැබුවා.
ලොරියට පටවා තිබූ ලොරි ඔසරි පොට ඒ තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසල් සිසුවියන් 250 දෙනෙකු විසින් අල්ලා ගෙන සිටියා.