Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 22
2,193
Views
මේ දිනවල මුහුණු පොත හරහා තෙල් ජාවාරමක් ගැන සදහන් වෙන ජායාරූප කිහිපයක් සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් පවතිනවා.

මෙම තෙල් ජාවාරම සැමවිමට සිදු වන්නේ ලිහිසි තෙල් loose ලෙස අලෙවි කරන විටයි.
මෙම ජාවාරමේ නිෂ්පාදන ක්‍රමවේදය වන්නේ කිලෝමීටර් දහස් ගණන් ධාවනයේ යෙදීම නිසා කාර්ය සපල අවසන් වූ තෙල් මහා පරිමාණ වශයෙන් පෙරීමකට ලක් කීරීමෙන් අනතුරුව නියම තත්වයේ තෙල් වල පැහැය ඇති කිරීම සදහා අලුත් ලිහිසි තෙල් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එයට එක්කරනු ලබයි. ඉන්පසු කවලම් කරන ලද එම තෙල් භාවිතා කොට ඉවත් කරන ලද බැරල් වලට පුරුවා සැබෑ නිෂ්පාදන වලට ඉතා ආසන්න ලෙස මුද්‍රා කොට ඉතා අඩු මිල ගණන් වලට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

මෙවැනි ව්‍යාජ නිෂ්පාදන රථ වාහන වලට එක් කිරීමෙන් බරපතල මට්ටමේ හානි ඇති කිරීමටද දීර්ග කාලීන ගත් කල රථ වාහන අලුත් වැඩියා හා අමතර කොටස් අවශ්‍යතාව ඉහළ යාම මගින් තව දුරටත් රටේ මුදල් විදේශ විනිමය ලෙස ඇදී යාම නිසා ජාතික ආර්ථිකයටද බලපෑම් සිදු වේ.

තවද මෙම තත්වය නිසා පාරිභෝගිකයන්ට ගනුදෙනු කරුවන්ට සහ මෙම කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්ට දැඩි ලෙස හානි දායක තත්වයක් ඇති වී තිබෙනවා.

මෙම ජාවාරමේ වීඩියෝ සහ ඡායාරූප පහතින්.....




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top