Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 18
892
Views
තමන් කැමති දේ කරන්න හුගක් අය වෙහෙස ගන්නවා. කැපකිරීම හා අධිෂ්ඨානය තිබුණොත් ඒ ඉලක්කයට යන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. මේ කියන්න යන්නේ අලුත් වැඩක් ගැන. ගුවන් යානයක් තුල මේතාක් කාලයක් රූපලාවන්‍යාගාරයක් පිහිටුවලා තිබුනේ නැහැ.


 නමුත් තමන්ගේ ගෙවත්තේ CV-440 Metropolitan (වර්ෂ 1957)ගුවන් යානයක් තුල තරුණියක් රූපලාවන්‍යාගාරයක් පිහිටුවනවා.නමින්  Amber.ස්කොට්ලන්තයේ  ජිවත් වෙන ඇයට මේ ගුවන් යානය තිළින කරන්නේ ඇයගේ දෙමාපියන්. මේ තුල රූපලාවන්‍යාගාරය පිහිටුවන්න ඇමරිකානු ඩොලර් 30,000ක් වැය වූ බව ඇය විදෙස් මාධ්‍ය වෙත පවසලා තිබෙනවා.

"මගේ වැඩිවිය පත් වූ උත්සවය පවත්වනකොට මගේ වයස අවුරුදු 13යි. මාව හැඩගැන්වන්න ආ රූපලාවන්‍ය ශිල්පිනිය දැකලා තමයි මට මේ ආශාව ආවේ. ඒ මොහොතේම හිතා ගත්තා මම කවදා හරි දවසක අලුත් විදිහට රූපලාවන්‍යාගාරයක් පටන් ගන්නවා කියලා. මේ තමයි මගේ මුල්ම උත්සාහය. මගේ පළමු රූපලාවන්‍යාගාරය..." ඇය කියන්නේ එහෙමයි.

ටොන් 22ක බරක් උසුලන්න මේ ගුවන් යානයට පුළුවන් කියලත් දුවගේ මේ උත්සාහය අගය කරන අතර ඇයගේ අම්මා විදිහට සතුටක් තිබෙන බවත් මේ රුපලාවන්‍ය ශිල්පිනියගේ මව පවසනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top