Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 13
4,264
Views
Facebook හරහා ලබාදුන් ප්‍රචාරයකට අනුව තරුණයන් තුන්සියයක් පමණ එක්වී අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවැත්වූ අමුතු
තාලයේ මත්ද්‍රව්‍ය සහිත සාදයක් හේතුවෙන් විශාල අපහසුතාවකට මුහුණ දුන් අවට ගම්වාසීහු ඊට දැඩි විරෝධය පළ කළහ.


අනුරාධපුර යාපනය හන්දිය ප්‍රදේශයේ පැවැති සාදය අන්තර්ජාලය (Facebook) හරහා සංවිධාන කර තිබූ බවත් අදාළ නිවාඩු නිකේතනයේ පැවැති අමුතු සාදය සඳහා රුපියල් 350ක් වූ ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ බවත් ඔවුහු පැවැසූහ. මේ සඳහා අනුරාධපුර නගරයේ, කොළඹ, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල තරුණයන් පැමිණ සිටි බව ඔවුහු පැවැසූහ.

සාදය පැවැත්වුණු දිනයේ උදෑසන සිට රෑ බෝවනතුරුම අදාළ නිවාඩු නිකේතනයෙන් සංගීත ගාලගෝට්ටියක් මෙන්ම කෑගැසීම් හූ කීම් හා පරුෂ වචන තොරතෝංචියක් නැතිව ඇසුණු
බව ඔවුහු පැවැසූහ. එම සාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියන් පිරිසක්, යක්කුන්ගේ මුහුණු ගහපු ටිකට් එකක් තිබ්බේ.

මොකක්ද ගුස්පියද, ගොස්පියද කියලා ඒකෙ මුද්‍රණය කරලා තිබ්බා. දාහක් තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. ආවේ 300යි. දාහක් ආව නම් ගමත් ඉවරයි.

මේක සංවිධානය කරලා තිබ්බේ සංචාරක හෝටලයක අයිතිකාරයෙකුගේ පුතෙක්. අපි හොඳටම දන්නවා ඇතුළේ බීර, මත්පැන්, ගංජා සුරුට්ටු බිව්වා කියලා. එදා දවසේ පළාතම ගංජා
සුරුට්ටු ගඳින් නැහැවිලා තිබ්බා. තරුණයෝ පිරිසක් අධි වේදනා නාශක ඔෟෂධ පෙති ගෙනැල්ලා ඒක ඇතුළේ විකුණුවා. මේවා බීපු තරුණයෝ කිහිප දෙනෙක් නිවාඩු නිකේතනයේ
ෆිට් එක හැදිලා වැටිලත් හිටියා අපි ඇස් දෙකෙන්ම දැක්කා.

අපි විරෝධය පළ කළාට පස්සේ පොලිසියට ගිහිල්ලා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්න අවසර අරගෙන ආවා. මේවා කරන්නේ මේ නගරයේ ලොකු ව්‍යාපාරිකයෝ කියාගන්න
හා ඔවුන්ගේ පුත්තු ටිකක්. අනුරාධපුර පූජා නගරයට මොකක්ද මේ වෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top