Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 13
738
Views
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ක්‍රියාත්මක වන්නේ තේරීම් කමිටුවක් නොමැතිවයි.

මේ අවසරයෙන් ක්‍රිකට් බලධාරීන් බොර දියේ මාළු බාන්නට සූදානම් වන බවට පුවතක් වෙත වාර්තා වුනා.


ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රියාත්මක වන අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන්ගේ නිල කාලයට අවසන් වීමට නියමිත වුනේ පසුගිය 7 වැනිදායි.

කෙසේ වෙතත් ඊට දින 3 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා මූලික
සංචිතයක් ප්‍රකාශයට පත් කළා.

හිටපු තේරීම් කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු සම්භන්ධ කර ගත්තේ ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමෙන් පසුව සිය නිල කාලයෙන් පසුව පැවැත්වෙන තරගාවලියක්
සඳහා සංචිතයක් නම් කිරීම කෙතරම් සදාචාරසම්පන්න ක්‍රියාවක් දැයි විමසීමටයි.

එහිදී හිටපු තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙක් ම තමන් මෙම තේරීම් සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවූ බව අප සමගින් පැවසුවා.

එසේනම් තේරීම් කමිටුවක මැදිහත්වීමෙන් තොරව මූලික සංචිතයක් සඳහා හෝ ක්‍රීඩකයන් තේරුවේ කවුද?

මේ පිලිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික තීරණයක් මෙලෙස මූලික සංචිතයක් ලෙස
එළිදක්වා ඇති බවයි.

එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත් තේරීම් කමිටුවක් නොමැති නිසා එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රිකට් බලධාරීන්ට
නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

පාකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් පමණයි.

හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපි භාරදී අදට දින 15 ක් ගතවී ඇතත් නව තේරීම් කමිටුවක් නම් කරන්නට බලධාරීන් පියවර නොගන්නේ තම හිතු මනාපයට එම කටයුත්තත්
ඉටු කර ගැනීමටද ?

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top