Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 11
920
Views
යොහානිද සිල්වා යන නම දවසින් දවස යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය වැඩි කරගන්නා නමක්.ඇය ගැයූ ගී ලක්ෂ ගණනක පිරිසක් අසා ඇති බවට අන්තර්ජාල දත්ත
 සපයනවා. ඒ නිර්මාණ අතරට දේශිය වගේම බටහිර ගීතත් රැසක් ඇතුලත් වෙනවා.

"පාසල් කාලයේදි නම් මම වැඩිපුර කැමති වුණේ ක්‍රීඩාවට"
මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ ආදරණිය දියණිය වන යොහානි ද සිල්වා පුවත් පතකට මෙන්න මෙහෙම කියලා තිබුණා.

පේලි කිහිපයකින් හැදින්විමකින් ඔබව රටට හදුන්වා දෙන්න කිව්වොත්?
මගේ නම යොහානි ද සිල්වා. කලාවට සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට හුගාක් ආදරය කරන කෙනෙක් කියන හැදින්වීම තමයි මට වැඩිපුර ගැලපෙන්නෙ.

පවුලේ විස්තර කිව්වොත් ශ්‍රී ලංකා යුද හමුදාවට විශාල මෙහෙයක් කළ මේජ ජෙනරාල් ප්‍රසන්නද සිල්වා මගේ තාත්තා මගේ අම්මා දිනිති ද සිල්වා ඇය ශ්‍රී ලංකා ගුවන්
සේවයේ රැකියාව කළා. මගේ නංගි ශවින්ද්‍රි වෙෙද්‍ය ශිෂ්‍යාවක්.

පාසල් කාලය ගැන යමක් නොකියාම බැහැ?
මම සාමාන්‍ය පෙළ දක්වා ගියේ කොළඹ විශාකා විද්‍යාලයට. පාසල් කාලයේදි නම් මම වැඩිපුර කැමති වුණේ ක්‍රීඩාවට උසස් පෙළ හදාරන්න මම එංගලන්තයට ගියා. ඊට පස්සේ
කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් කළමනාකරණ උපාධියක් ලබාගත්තා. දැන් මම ආපහු ඊළග උපාධිය සදහා ඔස්ට්‍රේලියාවේ ක්වන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් ඉන්නවා.

සංගීතය ඔබ විෂයක් හැටියට හැදෑරුවද?
මගේ අම්මා තමයි මුලින්ම මට සංගීතය කියලා දුන්නේ. පස්සේ මාව පියානෝ වාදන පන්තියකට අරන් ගියා කොහොමත් පුංචි කාලේ ඉදලම මම ගිටාරයත්, පියානෝවත් වාදනය කළා.

පෙරදිග සංගීතය ගැන ඇල්මක් ඇතිවුණේ නැද්ද?
පාසල් කාලයේදි මම හැදෑරුවෙ බටහිර සංගීතය. ඉන් පස්සේ පොඩි කාලයක් පෙරදිග සංගීතය හැදෑරුවා.

යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යෙයේ ඔබ තරුවක් ඒ ගමන ඇරඹුනේ කොතැනින්ද?
මම කොහොමත් සැලසුම් කර පටන් ගත් ගමනක් නොවෙයි මේ. ඒත් මට ලැබුණු විවිධ අවස්ථාවලදි මම සංගීත තරග හා ප්‍රසංගවල ගීත ගායනා කළා. එම නිසා මගේ
යාළුවො දැන හිටියා මට යන්තම් දුරට ගායනා කරන්න පුළුවන් කියලා මේ අතරතුරදි මට දිලංජන් සෙනෙවිරත්න ඇතුළු තීවිර කණ්ඩායම මුණ ගැහුනා. එතනදි හුගක්
විශේෂ සිදුවීමක් වුණා.තීවිර සමනිර්මාතෘ නුවන් විජේසිංහ එක්ක මම මගේ පළමු සිංදුව එළිදැක්වුවා. මේ සදහා මා සමග සහයෝගයෙන් කටයුතු කළ තිරජීව
දේවසුරේන්ද්‍ර සහ අවිශ්ක ලක්නාත් වෙත ස්තූතිය පළ කරනවා.

මේ වන විට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඉතාම හොදයි. ප්‍රතිචාර කොයි තරම් ඉහළද කියනවා නම් මට ඒ හැම කෙනෙකුටම ස්තූතියි කියලා උත්තර දීගන්න බැරි තරම්.

ඔබේ සංගීත වැඩවලට ගෙදරින් උදවු ලැබෙනවද?
ඔව් ගෙදරින් හැමදේටම උදව් ලැබෙනවා. ඒ අතින් මම හරි වාසනාවන්තයි.

උසස් අධ්‍යාපනයට ඔබ තෝරාගෙන තිබෙන්නේ සංගීතය නොවෙයි? ඇයි ඒ?
අධ්‍යාපනය ලබන්න ඕනේ මූල්‍ය ගිණුම්කරණ ඇතුළු වාණිජ ධාරාවෙන් කියලා මට හිතුණා. මොකද මම සංගීතය,කලාව වගේම වාණිජ්‍යයටත් ආසයි.ඇත්තටම ගායිකාවක්
වෙන හීනයක් මට කවදාවත් තිබුණේ නැහැ. ඒ නිසයි මම වාණිජ ධාරාවට ආස කළේ. අහම්බෙන් තමයි ගායන ක්ෂේත්‍රයට ආවේ.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ ගීත ගායනාඅ කරද්දි එහි මුල් ගායක ගායිකාවන් ඔබව ඇගයීමට ලක් කරලා නැද්ද?
තවම නම් එහෙම අවස්ථාවක් උදාවෙලා නැහැ. මම තවම ගායනා කරන්නේ බටහිර ජනප්‍රිය අයගේ ලස්සන සිංදු. මට ඔවුන් මුණගැහෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. අනික
මම හිතන්නේ මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලයි. ඉන් පසුව මම කැමැත්තෙන් ඉන්නේ මගේම නිර්මාණකරණයට පිවිසෙන්න.

වැඩිපුරම සතුටු වුණු ප්‍රතිචාරය ලැබුණේ කාගෙන්ද?
හැමෝගෙම ප්‍රතිචාර මට වටිනවා. ඒ අතරේ පවුලෙ අයගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩිපුර වටිනවා. මොකද ඒවා අවංකයි. හුගක් ආදරයයි.

මවුබිමෙන් දුර ඈත රටක සිටින ඔබ ලංකාවේ පදිංචියට එන්න කැමැත්තක් නැද්ද?
අනිවාර්යෙන් මම ලංකාවට එනවා. ඒකට මේ මාස්ටර්ස් උපාධියේ වැඩ ඉවර කරන්න ඕන. ඒකට තව අවුරුද්දක් වගේ යාවි.

ලංකාවේ කැමතිම ගායකයා හෝ ගායිකාව කවුද?
එක්කෙන්ක් කියන්න බැහැ මම හුගාක් සිංදු අහනවා. හැමෝටම කැමතියි.

ස්තූති කරන්න කවුරු හරි ඉන්නවද?
ඔව්.. අම්මා,තාත්තා,නංගි මුලින් මටහ්ක් කරන්න ඕන. හැමදේකටම පස්සෙන් ඉන්නේ ඒ අය. දිලංජන්,නුවන්,බානුර,ඇතුළු තීවිර කණ්ඩායමටත් ස්තූතියි. අනෙකුත් ගීත වලට
සහය වුනු ජෙටෝන්,මාට්නෙස්,තිරාජිවි,දේවසුරේන්ද්‍ර,සදුනි බස්නායක,තුලසි සජ්ජද අවිශ්ක ලක්ත්නාත්,සිදත් ප්‍රනාන්දු,චමින්ද ජෝසප්,අශාන් පෙරේරා ඇතුළු, සියලුම
මිතුරන් සහ රසික රසිකාවියනුත් ආදරයෙන් මතක් කරනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top