Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 10
478
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඔක්තෝබර් 6 දා සිට 10 දා දක්වා ඩුබායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ පාකිස්තාන
කණ්ඩායමට එරෙහිවය.


මෙම තරගාවලිය සැප්තැම්බර් 28 දා සිට ඔක්තෝබර් 29 දා දක්වා පැවැත්වෙයි. එයට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත්වෙයි.

තරගාවලියේ තෙවැනි විස්සයි20 ඔක්තෝබර් 29 දා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකාව යළිත් පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

එසේම ප්‍රධාන කණ්ඩායමක් පාකිස්තානයේ තරගයට ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙය වෙයි.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top