Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 10
8,127
Views
අත් ඔරලෝසුව සහිත ජංගම දුරකථනය ඔස්සේ පරික්ෂන සිදුකරලා....

ඝාතකයා අසම්මත හැසිරීම් වල නිරතවන පුද්ගලයෙක්...

පසුගිය පස්වැනිදා දඹුල්ල නගර මධ්‍යයේදී පොලුවලින් පහරදී ඝාතනය කර තිබූ සනත් කුමාර නමැති තරුණයාගේ ඝාතකයා දඹුල්ල
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


මෙලෙස අත්අඩංගුට ගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල සේවය කරන කම්කරුවෙක් වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම මරණය සිදුවූ ස්ථානයේදී සොයාගත් අත් ඔරලෝසුව සහිත ජංගම දුරකථනය ඔස්සේ සිදුකළ පරීක්ෂණයකදී මෙය අනාවරණය කරගෙන ඇත්තේ.

37 හැවිරිදි මෙම සැකකාර තරුණයා කාලයක සිට රාත්‍රී කාලයේ සැරිසරන මියගිය තැනැත්තා සමග අසම්මත හැසිරීම් වල නිරතවන පුද්ගලයෙකු බවත් මීට දින
ගණනාවකට පෙර එවැනි අවස්ථාවක ඔහු සතුව තිබූ රුපියල් තිස්පන්දාහක් මුදලක් සොරාගැනීම නිසා වේදනාවෙන් සිටි බවත් පවසා තිබෙනවා.

තවද එම හේතුව නිසා පසුගිය පස්වැනිදා දඹුල්ල නගරයේදී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා හමුවී පහරදීම සිදුකළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර ඇති බවයි වාර්තාවුණේ.

මෙම පුද්ගලයා අකුරණ තාවකාලිකව පදිංචි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති බවත්  සැකකරු අද ඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය
 ඉදිරිපත් කරන බව ද පොලීසිය පැවසුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top