Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 07
382
Views
දුම්මලසුරිය පොලිසිය වසා දමා ඇති බව පවසමින් කාන්තාවක් ඊයේ (06) දහවල් පොලිසිය ඉදිරිපිට හා පොලිසිය තුල ප්‍රකොපකාරි ලෙස හැසිරෙන ලදී. දුම්මලසුරිය පොලිස්
ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට කීප වරක් ඇතුළු වූ මේ කාන්තාව දුම්මලසුරිය පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනාත්මකව ඇමතු අයුරුද අවට ජනතාවට දැකන්නට ලැබිණි.


විනාඩි කීපයක් එලෙස හැසිරුණු මේ කාන්තාව මාදම්පේ කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට පැමිණ බිම වැතිර විරෝධයක් පල කරන අයුරුද දැක ගන්න ලැබිණි.

මේ හේතුවෙන් මේ මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල විණි .පසුව දුම්මලසුරිය පොලිසියේ කාන්තා පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පැමිණ මේ කාන්තාව ඔසවාගෙන රැගෙන යන
අයුරු දක්නට ලැබිණි.

මේ කාන්තාව පොලිසිය හා සම්බන්ධ කරුණකට විරෝධයක් පල කලත් එය කුමක්ද යන්න පැහැදිලි නොවිණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top