Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 September 07
11,932
Views
"ජනනේන්ද්‍රයන් පිටතට ගන්නා ලෙස උපදෙස් දීලා"

"ස්වයං වින්දනයේ යෙදෙන අයුරුත් පෙන්නලා"

පාසල් සිසුන් පිරිසකට තම ජනෙන්ද්‍රයන් ඉවතට ගන්නා ලෙස පවසා අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින්.

එහි උසස් පාසලේ ගුරුවරියක් විසින් මෙලෙස දරුවන්ට තම ජනනේන්ද්‍රයන් පිටතට ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

අදාල සිදුවීමට මුහුණදී ඇත්තේ 13 හැවිරිදි වියේ කුඩා පිරිමි දරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන්ට ඒ ආකාරයට අනුරුවක් සකස් කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

පසුව එම දරුවන්ට ස්වයං වින්දනයේ යෙදෙන අයුරු අදාල ගුරුවරිය විසින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව අනාවරණ වී ඇත්තේ පාසලට ගොස් නැවත පැමිණි තම දරුවාගේ වෙනදාට වඩා වෙනසක් දුටු මවක් විසින් කළ විපරමකට අනුවයි.

මෙය අසභ්‍ය සිදුවීමක් බවයි අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත දැනුම්දී ඇත්තේ.

අදාළ සිදුවීමත් සමඟ තම දරුවන් දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බවයි අදාළ මව එහිදී සඳහන් කර ඇත්තේ.

අදාළ මව බලධාරීන් වෙත පෙන්වා දී ඇත්තේ මෙම දරුවන්ගේ වයසට මෙවැනි පාඩම් ඉගෙනගැනීම නුසුදුසු බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන බලධාරීන් විසින් පෙන්වා දෙන්නේ මෙය වසර ගණනාවක සිට සිදුවන බවත් එය ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට සිදුකෙරෙන
වැඩපිළිවෙළක් බවත්ය.

එසේම එල්ලවන චෝදනා එරට අධ්‍යාපන බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්වා.

මේ අතර මීට පෙරද මෙවැනිම සිදුවීමක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ අතර එම සිදුවීම සිදුවන අවස්ථාවේ හඬ පටයක් ද විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

එම සිදුවීම වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන්.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top