Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 28
2,208
Views
කොළඹ සුපිරි ටාජ් සමුද්රා හෝටලයේ තිබූ රමණී ප්රනාන්දුගේ රූපලවන්යාගයට සේවයට පැමිණි ඉන්ජිත රූපලවන්යාගයේ කාලයක් සේවය කර අත් දැකීම් රැසක්
ලබා ගත්තේය. ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහු සිදු කරන රූපලාවන්ය කටයුතු සිදු කර ගැනීමට ලංකාවේ සුපිරි තරු පැමිණි අතර ඒ සියලු අත්දැකීම් පසක් කරගනිමින්
ඉන්ජිත අවසානයේ ඔහු ලොව සුපිරි ක්රිකට් තරු වල කොන්ඩා විලාසිතා පවා සිදු කරන දක්ෂයෙක් විය. ඇතැම් ක්රිකට් තරැවල නිත්ය කොණ්ඩ කපන්නා සහ සත්කාරකයා බවටද පත් විය.


එංගලන්තයේ ඉයන් මෝර්ගන්, ඇලෙක්ස් හේල්ස්, ඉන්දියාවේ රවී ශාස්ත්රී, පකිස්ථානයේ යුනිස් ඛාන්, අහමඩ් ශේෂාඩ්, ඉන්දියානු ක්රිකට් කණ්ඩායමේ හර්දික් පාන්ඩයා, ලෝකේශ් රාහුල්, බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ මස්තාෆිසර් රහමන් ඇතුළු විදේශීය ක්රිකට් තරු රැසකගේ සිරස දෑතින් අල්ලන්නට, හිසකෙස් හසුරුවන්නට මේ පුංචි බාබර්ට හැකි වූයේ ඒ
හැඩකාර වැඩකාර හැකියාව නිසාය. අද කුසල් මෙන්ඩිස්ගේ, දිල්රුවන් පෙරේරාගේ, නිරෝෂන් දික්වැල්ලගේ කොණ්ඩය කපන්නාත් සත්කාරකයාත් ඔහුය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top