Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 27
5,473
Views
මනුෂ්‍ය ජීවිත හරිම පුදුමාකාරයි. අනෙකාට උදව්කරන අනෙකා වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ගැන මේ දිනවන වැඩි වැඩියෙන් අහන්න දකින්න ලැබුනා. මේත් ඒ වගේම කතාවක්.


ගිහාන් දනුෂ්ක නමැති තරුණයා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. මිනිසුන්ට වැඩිය සතුවයින්ට ප්‍රිය කරන ඔහු මුහුණු පොතේ දැමූ සංවේදී සටහනක් ගැනමේ අපි මේ කියන්න යන්නේ.

මේ කතාවේ කියවෙන්නේ සුනඛ සුරතලෙක් ගැනයි. එයාගේ නම තමයි "ජෙරී". මෙයාට ලෙඩක් හැදිලා සනීප කරගන්න 80,000ක් විතර වියදම් වෙලා තියෙනවා.

මේ පුංචි අහිංසකයාව ගිහානුයි එයාගේ යාහළුවෝ කිහිපදෙනෙකුයි එකතුවෙලා ඒ ලෙඩේ හොඳකරලා බේරගන්න පුළුවන් වෙලා.

අපේ එකමුතුකම තියෙනවනම් මොනවද කරන්න බැරි මේ කතාව දැක්කම ඒ ගැන මතක් වෙනවා. ගිහාන් මේ කරපු පිං කටයුත්ත ගැන මුහුණු පොතේ මිතුරන් පවසන්නේ  "පිං
සිද්ධ වෙනවා ඔයාලට. ඒ පුංචි ජීවිතේට ආලෝකයක් වුනාට". මේ වගේ දේවල්. ඇත්තටම මේ උතුම් ක්‍රියාව කරපු ඔවුන් සියළුදෙනා ගැන අපටත් සිතෙන්නේ එළෙසමයි.

කොහොම වුණත් මේ කතාව ඇතුලේ තවත් කතාවක් ගිහාන් මුහුණු  පොතේ සටහනක් තබමින් මතක් කරලා තියෙනව. ඒ සටහන පහතින් බලන්න.

"නුවරින් කීව ලොකු දොස්තර නිවාඩු කියල | කුරැණෑගලින් කීව මේ වෙලාවෙ අමාරැයි කියල |
කොළඹින් කීව මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියල |
සමහරැ කීව "උඹලට පිස්සුද ? 80,000ක් වියදම් කරන්නෙ වල් බල්ලෙක්ට කියල"
සීයක් කතා මැද අපි ඒ ජීවිතේ වෙනස් කලා...
හෙට දවස ගැන දන් නෑ, අද දවසෙ එයා සතුටින් |
පුංචි ජීවිතේක වටිනාකම දන්න උදව් කරපු හැමෝටම ස්තූතියි |
"ජෙරී" ❤️
Thank You | Niluka Wanniarachchi
Thank You All Who helpd for Jerry"

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top