Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 August 15
1,165
Views
ලොව මෙතෙක් බිහිවූ සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් වෙනස් ක්‍රීඩාවකින් යළි පිටියට පැමිණීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙලෙස බෝල්ට් නැවත පිටියේ දැකගතහැකි වන්නේ පාපන්දු ක්‍රීඩා තරඟයකින්.


සුපිරි පාපන්දු කණ්ඩායමක් වන Manchester United කණ්ඩායම සමඟ බෝල්ට් මෙලෙස ගිවිසුමකට අත්සන් තබා ඇති බවට එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වනවා.

අදාල තරඟය පැවැත්වෙන්නේ Manchester United සහ Barcelona කණ්ඩායම් අතරයි.

තරඟය එංගලන්තයේ Old Trafford ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම මළල ක්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පසුගිය සති අන්තයේ තමන් සහභාගී වූ අවසන් ජාත්‍යන්තර ධාවන
 තරඟයට සහභාගී වුණා.

ඒ ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරඟයටයි.

එහිදී අවසනාවන්ත ලෙස තරඟය අතර පදයේ අබාධයකට ලක්ව ධාවන පථය තුල ඇද වැටී පිටියෙන් ඉවත්වන්නට බෝල්ට්ට සිදුවුණා.

කෙසේ වෙතත් මලල ක්‍රීඩාවේ අලුත් පරිච්චේදයක් සනිටුහන් කළ ජැමෙයිකානු කඟවේනාට අමතක නොවන සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන්නට ලන්ඩන්
බලධාරීන් කරයුතු කර තිබුණා.

එහිදී ජාත්‍යන්තර ධාවන පථයට සමුදුන් උසේන් බෝල්ට් නැවතත් ධාවන පථයට කැඳවාගෙනවිත් සමරු සිහිවටනයක් ලබාදී මල්වෙඩි සංදර්ශනයකින් සංග්‍රහ කරන්නට
තරඟ සංවිධායකයින් කටයුතු කර තිබුණේ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩාංගනයට රැස්ව සිටි පනස් දහසකට අධික ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේයි.

උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයා වනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top