Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 June 27
2,849
Views
පුංචි තීරයේ සිනමා තීරයේ දැන් වැඩිපුරම ඇයව දකින්න ලැබෙන්නේ අම්මා හැටියටයි. මිට වසර කිහිපයකට පෙර නම් ඈ පෙම්වතියයි. පුවත්පතක
සදහන් වුණු නයනා කුමාරි ගැන තොරතුරුයි මේ.


අද දවසේ නයනට වැඩිපුර ලැබෙන්නෙ අම්මලගෙ චරිත කිව්වොත්...?
ඔව්. නිර්මාණ කීපයකම අම්මලගෙ චරිත ලැබුණා. මම හිතන්නෙ ඒ චරිතයට මම උපරිම සාධාරණයක්‌ කරන නිසා අම්මගෙ චරිත මාව හොයාගෙන එනව කියලයි. ඒත් ළඟදී
චිත්‍රපට දෙකක මම පෙම්වතිය වුණා.

ඒ කියන්නෙ ඔබට තාමත් පෙම්වතියගෙ චරිතය රඟපාන්න පුළුවන්.
ඇයි බැරි රංගන ශිල්පිනියක්‌ හැටියට ලැබෙන නිර්මාණයට අනුව පෙම්වතියකගේ චරිතය මට ඉතා හොඳින් රඟපාන්න පුළුවන්.

 එතනින් එහාට..?
එතනින් එහාට මම හැමදාමත් හොඳම පෙම්වතිය සුමිත් ගල්හේන කියන මගේ මහත්තයගෙ.

 අම්මලගෙ චරිතවලට කොටුවීම ඔබේ රංගන හැකියාවට හානියක්‌ නෙමෙයිද?
නෑ. අම්මගෙ චරිතය වුණත් ඒ රඟපෑම් එකකට එකක්‌ වෙනස්‌. මොකද සමාජයේ විවිධ අම්මල ඉන්නවනෙ. ඒ නිසා විවිධ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අම්මගෙ චරිතෙ
විතරක්‌ නෙමෙයි ලැබුණොත් මම ආච්චිගෙ චරිතෙ වුණත් භාර ගන්නවා.

 සැබෑ ජීවිතයේ මවගේ චරිතය ඔබ මෙහෙයවන්නේ..?
ඇත්තටම කියනවනම් අපහසුවකින් තොරව. කරදඬු උස්‌මහත් වෙච්ච අවුරුදු 11 ක පුතෙක්‌ මට ඉන්නෙ. පුංචි කාලේ ඉඳල කියන දේ අහන විදියට මම එයාව හදාගත්තා. දැනට
කොළඹ රාජකීය විද්‍යාලයේ 7 වසරේ ඉගෙන ගන්නවා. ඒ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා.

 ඔබ රංගන ශිල්පිනියක්‌ වීම ඔහු දකින්නේ?
ඒකෙ කිසිම විශේෂයක්‌ මගේ පුතාට නෑ. නිතරම කියන කතාවක්‌ තමයි අම්මි ඉස්‌කෝලෙට ඇවිත් ගියොත් එදාට හැමෝම මගෙන් අහනව ඔයා නයනා කුමාරිගෙ පුතා නේද
කියල. ඒවට උත්තර දෙන එක මට හරි කරදරයක්‌. ඒ නිසා අම්මි ඉස්‌කෝලෙටනම් එන්න එපා කියල.

එදිනෙදා වැඩකටයුතුවලට ඔබෙන් සැමියාටත් සැමියාගෙන් ඔබටත් ලැබෙන සහයෝගය...?
මගේ හැම කටයුත්තකටම සුමිත්ගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්‌. විශේෂයෙන් මගේ ව්‍යාපාර කටයුත්තට. මගෙන් ඔහුට ලැබෙන සහයෝගය ඇත්තටම අඩුයි. ඒ මේ
ගෙවන කාර්ය බහුල ජීවිතේ නිසා.

 එය පවුල් ජීවිතයට බාධාවක්‌ වෙලා නැද්ද?
අයියෝ නෑ. අපි විවාහ වුණේ අවුරුදු 9 ක්‌ ආදරේ කරල. විවාහ වෙලා දැන් අවුරුදු 12 ක්‌. දවසින්දවස අපි දෙන්නට දෙන්නට අතරේ ඇතිවන අවබෝධය මත සතුටින් ජීවත් වෙනවා.

 නයනා කුමාරි යලට මහට සිනමාවට එකතුවෙන නිළියක්‌ කිව්වොත්?
සිනමාවට එක්‌විය යුතුමයි කියන රංගන පිපාසය මා තුළ නැහැ. අනික අපේ හිතුමනාපෙට නිර්මාණවලට දායක වෙන්න බෑ. අදාළ නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා හෝ වරිය තමයි
චරිතවලට ශිල්පීන්, ශිල්පිනියන්ව තෝරා ගන්නේ. එහෙම තෝරා ගත්තට පස්‌සෙත් අපිට කරන්න පුළුවන්නම් තමයි නිර්මාණයට අපි දායක වෙන්නේ. මම වසන්ත ඔබේසේකර
කියන ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයාගේ සලෙලු වරම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය පවා ප්‍රතික්‍ෂේප කරපු නිළියක්‌. සිනමාවේ මෙතෙක්‌ මට පුළුවන් දේ කළා වගේම ඉදිරියටත් පුළුවන් දෙයක්‌
කරනවා.

චන්න පෙරේරාගේ චිත්‍රපටයකට ගයාත්‍රිට ආරාධනා නැතුව නයනට ආරාධනාවක්‌ ලැබුණොත්?
මට කරන්න පුළුවන් චරිතයක්‌ නම් එකෙන්ම භාර ගන්නවා. මම චන්නව අඳුර ගත්තේ ගයාත්‍රිට කලින්. අනික එහෙම වුණොත් මාව ඒ චිත්‍රපටයට ගන්න කියන එකම කෙනත්
මගේ දයාබර මිතුරිය ගයාත්‍රි.

 ඒ දයාබර මිතුරිය විදේශයක පදිංචියට යන්න සැරසෙනවා. එය ඔබට දැනෙන්නේ?
ළඟින් ආශ්‍රය කරන එකම මිතුරිය නිසා දුකක්‌ තියෙනවා. ඒත් එයා දරුවො දෙන්නගෙ අනාගතේ පිළිවෙළක්‌ කරන් පවුලේ දියුණුව සඳහා යන ගමනක්‌ කියල හිතෙත්දී ඒ දුක
වගේ දෙගුණයක්‌ මම අවංකවම සතුටු වෙනවා.

 අද බිහිවෙන නිර්මාණ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
එදා සහ අද සන්සන්දනය කළොත් අනිවාර්යයෙන්ම මගේ උත්තරේ බැහැ කියන එක. ඇත්තටම ඇඟට දැනෙන නිර්මාණ අද කෙරෙන්නෙම නෑ. ඒක ක්‍ෂේත්‍රයේ තියෙන ලොකු
අඩුපාඩුවක්‌. ඒ අතරේ බොහොම කාලෙකින් පත්තිනි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා.

 අලුත් පරපුර අභියෝගයක්‌ වන අවස්‌ථාවලට මුහුණ පාන්න සිදුවුණොත්?
නයනා කුමාරි කියන චරිතය කවදාවත් කාටවත් අභියෝගයක්‌ වෙලත් නෑ වෙන්නෙත් නෑ. ඒ නිසා මට කවදාවත් එවැනි අවස්‌ථාවකට මුහුණ දෙන්න වෙන්නෙ නෑ කියන අවබෝධය
මතයි මම ජීවත් වෙන්නේ.

දේශපාලනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණොත් මොකද කරන්නේ?
ඒ ආරාධනාව එක හෙළාම ප්‍රතික්‍ෂේප කරනවා. ඒත් හැකියාවන් තියෙන ඒ සඳහා සුදුසු මගේ සහෝදර නළු නිළියන් ඒ තුළ සිටිය යුතුයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top