Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 May 22
1,861
Views
තම මව්පියන්ගේ අඩිපාරේ යමින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි කවින්ද්‍යා අධිකාරි කියන්නේ මේ මේ වන විට ජනප්‍රිය තරුවක්. ඇය නිවේදිකාවක් වගේම ගායිකාවක් බව කවුරුත් දන්නවා. ඊට අමතරව ඇයට රංගනයට ආරාධනා ලැබිලා කියලා ආරංචියි. ඒ ගැන ඇය සති අන්ත පුවත්පතක සංවාදයකට එක්ව පැවසූ දේ පහතින්.


කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අපේ අම්මගෙන් මේ ගැන අහලා තිබුණේ. මාව රංගනයට එකතු කරගන්න කැමැතියි කියලා.

ඔබ කැමැති වුණාද?
මුලින්ම රංගනයට මගේ ආසාවක් තිබුණේ නෑ. අම්මි කීවා ඒ වගේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කිරීමම ලොකු දෙයක්, ජයන්ත මහත්මයත් කීවේ අපි මේක කරලා බලමු කියලා. ඒ නිසා මම කැමැති වුණා රංගනයෙන් දායක වෙන්න.

කවදද චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ?
ජුනි මාසයේ තමයි චිත්‍රපටයේ වැඩ පටන් ගන්නේ.

අම්මා කැමැතිද ඔබ රංගනයට එකතු වෙනවට?
ඔව්. අම්මි තමයි කීවේ මේ දේ කරන්න කියලා. ඒ නිසයි මාත් කැමැති වුණේ.

දිගටම කාවින්ද්‍යා රංගනයෙන් දකින්න ලැබේවිද?
එහෙම රංගනයේ දිගටම ඉන්න අදහසක් නෑ. මේක මගේ පළවෙනි අත්දැකීම. මේක කළාට පස්සේ බලමු.

කවින්ද්‍යාට කැමරාව නුහුරු දෙයක් නොවන නිසා රංගනය අපහසුවක් වෙන එකක් නෑ නේද?
නිවේදිකාවක් වගේම ගායිකාවක් ලෙස වැඩ කරන නිසා කැමරාව නුහුරු දෙයක් ‍නෙවෙයි. ඒත් රංගනය කියන්නේ වෙනස් දෙයක්. ඒ දේට මම තාම අලුත් ඒ නිසා රංගන හැකියාවක් තියෙනවද කියලා මමවත් දන්නේ නෑ. ලොකු චකිතයක් තියෙන්නේ. පාසලෙදීවත් රංගනයට සහභාගි වෙලා නෑ. ඒ නිසා මම ටිකක් බයෙන් ඉන්නේ.

ඔබේ දෙමව්පියනුත් අතීතයේ රංගනයට එකතු වුණා. ඔබටත් ඒ ආභාෂය ලැබිලා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
අම්මයි තාත්තයි දෙන්නම රඟපෑවා. ඒ අයගේ ආභාෂය ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා.

ගායනය, නිවේදනය, රංගනය යන තුනම නියෝජනය කරන කෙනෙක් ලෙස කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
රංගනයට ලොකු ඇල්මක් නෑ. ගායනයට වගේම නිවේදනයට මම ගොඩක් කැමැතියි වගේම ආදරෙයි. ඒ දෙකටම කොහොම හරි වෙලාව කළමණාකරනය කරගන්නවා.

කැමැත්තක් නැද්ද තාත්තා, අම්මා එක්ක යුග ගායනයක් ඉදිරිපත් කරන්න?
අම්මා නම් කතා කළා යුග ගායනයකට. ඒ දේ ළඟදිම කරන්න බලා‍පොරොත්තු වෙනවා. තාත්තාගෙන් තමයි ඒ දේ අහන්න වෙන්නේ.

මොනවද අලුත් වැඩකටයුතු?
ඉදිරියට වැඩ කිහිපයක් කරන්න ඉන්නේ. ඒක ඉස්සරහට බලමු.

අධ්‍යාපන කටයුතු අවසන් වෙලාද?
තවම නෑ. මම උසස් අධ්‍යාපනය හදාරනවා. එන්.එස්.බි.ඒම්. ආයතනයේ වෙළෙඳ කළමනාකරණයෙන් තමයි උපාධිය  හදාරන්නේ.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඔව්. හැමවෙ‍ලේම එයාලා මට ප්‍රතිචාර දක්වනවා. පළමු වසරේ ඉඳන් හිටපු යාළුවෝ එදා වගේම අදටත් මාත් එක්ක ඉන්නවා. එයාලා මම ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ. ඒ ගැන සතුටක් තියෙන්නේ.

ක්‍ෂේත්‍රයේ කාවද කවින්ද්‍යා අනුකරණය කරන්නේ?
කාවවත් මම අනුකරණය කරන්නේ නෑ. මම නිතරම උත්සාහ කරන්නේ කාවින්ද්‍යා අධිකාරි වෙන්නයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top