Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 May 21
4,796
Views
ජානකි විජේරත්න ජනප්‍රිය වුණේ රංගන ශිල්පිණියක් විදිහට. නමුත් ඇය දැන් නිෂ්පාදකවරියක් විදිහට වැඩ කටයුතු කරනවා. මේ දවස්වල හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ගැමුණු මහරජ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරියත් ඇයයි. ඇය ගැන මේ විදිහට  පුවත්පතක සටහන් වෙලා තිබුණා.


ජානකී වෙලාවකට නිළියක්, නිවේදිකාවක් නිෂ්පාදකවරියක්. එතකොට අපි නොදන්නා ජානකී මොන වගේද..?
සාමාන්‍ය විදිහට ඉන්න කිසි තැනකට යන්නේ නැති ගෙදරට වෙලා ජිවත් වෙන වගේම ආගමට දහමට ලැදී චරිතයක්.

ඇයි නිහඩව ඉන්න හදන්නේ..?
ඒ තනිකමට මම කැමතියි. මිනිස්සු ගැවසෙන තැන්වලට යන්න මම කැමති නැහැ.කලබලකාරී ජිවිතේ  මට විදින්න බැහැ.

ලංකාවේ තියෙන සම්මාන උළෙලවල්වලදී ඔබව දකින්න ලැබෙන්නේ නැහැ. ආරාධනා නැද්ද..?
ලංකාවේ තියෙන සම්මාන උළෙලවල්වලට මගේ නාට්‍ය නිර්දේශ වෙනවා. මම ගොඩක් වෙලාවට කරන්නේ ඒවාට සම්බන්ධ පුද්ගලයින්ව යවලා ගෙදරට වෙලා ඉන්න. මම ඒවාට ගියාට වින්දනයක් ලබන්නේ නැහැ.

ගැමුණු මහරජ නිෂ්පාදනයට අත ගැසුවේ ඇයි..?
මම 2010 අවුරුද්දේ ඉදලම ටෙලි නාට්‍ය හතක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේක නිෂ්පාදනය කරන්න ආරාධනාවක්  ලැබුණා. ජනතාවට අපේ රටේ ඉතිහාසය පිළිබද හොඳ අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නිසයි මේ වැඩේට අත ගැසුවේ.

පළමු කොටස ජනප්‍රිය වුණ නිසාද දෙවැනි කොටසට නිෂ්පාදනයෙන් සම්බන්ධ වුණේ..?
දෙවැනි කොටසට මට ආරාධනා කරනකොට මෙහි පළමු කොටස විකාශය කරලා තිබුණෙත් නැහැ.

නිළිය කියන චරිතයෙන් මිදිලා නිෂ්පාදිකාවක් විදිහට ඉස්මතු වෙන්න හිතුවේ ඇයි..?
රංගනය තුළින් මම තෘප්තියක් ලබන්නේ නැහැ. මට හිතෙනවා ඒක වෙහෙසකාරී දෙයක් කියලා. මම රගපෑම නතර කරලා අවුරුදු 4ක් වෙනවා.

ඔබේ අධ්‍යක්ෂකවරයා මාරු කරමින් සරත් ධර්මසිරි කියන අධ්‍යක්ෂක එක්ක වැඩ කරන්න පටන් ගත්තේ ඇයි..?
මගේ නිෂ්පාදන  නාට්‍ය හයේම අධ්‍යක්ෂණ කටයුතු කළේ සංජය නිර්මාල්. ඔහු කාර්යබහුල නිසයි මේ වෙනස වුණේ. මට වෙනසක් කරන්න හිතුණා. ඒ නිසා සරත් ධර්මසිරි එක්ක මේ වැඩේ පටන්ගත්තා . ඔහුට  ඉතිහාසය පිළිබද හොද දැණුමක් තියෙනවා.

ජානකී ජිවිතේ පිළිවෙලක් කරගන්නේ කවදාද..?
මගේ ජිවිතේ පිළිවෙලක් වෙලා තියෙන්නේ. මගේ ජිවිතේ කිසිම අඩුපාඩුවක් නැහැ.මම ගත කරන්නේ අංගසම්පුර්ණ ජිවිතයක්.

විවාහය සිදු වෙන්නේ..?
මම සතුටින් ඉන්නවනේ. විවාහය කියන දේ සමාජය විසින් ගෙන ආ දෙයක්. සමාජයෙන් කාලයෙන් කාලයට අපි පරිඡ්චේද දීලා තියෙනවා මිසක් ඒවා වෙන්න ඕන කියලා එකක් නැහැනේ.මගේ ජිවිතේ සම්පුර්ණයි නම් මට හිතෙන්නේ නැහැ මම සමාජයට ඕන දේ කරන්න ඕන කියලා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top