Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 May 16
3,358
Views
2015 වර්ෂයේ සිට විවිධ නාළිකාවන් හි අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳමින් නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝදෙනෙක් හැඳින ගත් ඇය මිතුනිකා ප්‍රනාන්දු නම් වෙයි.


වෙළෙඳ දැන්වීම් කිහිපයක ඇයව දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, ඇය මෙම කාර්යය වෘත්තියක් ලෙසට සිදුකරනු ලබයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව විස්තරයි මේ.

නිරූපණයට එකතුවෙලා කොපමණ කාලයක් වෙනවද?
දැන් අවුරුදු 3ක් විතර වෙනවා.

ඔබ මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ කුමක් හරහාද?
මාව මුලින්ම රූපලාවණ්‍යාගාර වලින් තමයි හඳුන ගත්තේ. රූපලාවණ්‍ය ශිල්පිනියකගේ මාර්ගයෙන් තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ.

ඔබ නිරූපණයෙන් මොනවද දායක වෙලා තියෙන වැඩකටයුතු?
මියුසික් වීඩියෝ 5කට විතර දැනට දායක වෙලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් 4කට, 5කට ඉඳලා තියනවා.

නිරූපණය විතරද කරන්නේ රඟපාන්න ආසාවක් නැද්ද?
රඟපාන්න ආසයි. නමුත් දැන්ම ඒ පැත්තට යන්න ආස නෑ. කාලයක් නිරූපණය කරලා පස්සෙ කාලයක යනවා කියල හිතාගෙන ඉන්නවා.

ගොඩක් අයට අද රංගනයට අවස්ථාව ලැබෙනවා. මොකද ඒ ගැන හිතන්නේ?
අපේ රූපෙ තිබ්බා කියලා එකපාරටම ඒකට යොමු වෙන්නෙ නැතුව ඒක හදාරලා ඉස්සරහට යනව නම් අපේ රූපෙටත් එක්ක ඒක වටිනවා කියල මම හිතනවා.

මේ ක්ෂේත්‍රය තුළ නියැළෙන්න රූපය විතරක් මදි කියලද කියන්නේ?
ඔව්. අනිවාර්යෙන්ම හැකියාව තියෙන්න ඕන.

ඔබ නිරූපණය පිළිබඳව හදාරලද තියෙන්නේ?
නිරූපණය පිළිබඳව මම එහෙම ලොකූ හැදෑරීමක් කළේ නැහැ. ඉබේමයි ඒ පැත්තට යොමු වුණේ. නමුත් රංගනය පැත්තට යන්න කලින් මම කැමතියි ඒ ගැන හැදෑරීමක් සිදුකරන්න.

රංගනය කිවුවාම දෙපැත්තක් තියෙනවා. ටෙලිනාට්‍ය හා චිත්‍රපට ලෙස. ඔබ මෙයින් වඩා කැමති මොන පැත්තටද?
මොකක් ලැබෙයිද කියන්න මම දන්නෙ නැහැ. හැදෑරීමෙන් පස්සෙ එළියට එන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මුලින්ම මම කැමතියි ටෙලිනාට්‍ය පැත්තෙන් දෙයක් කරලා චිත්‍රපටි පැත්තට යන්න.

ඔබ නිරූපණයට යොමු වීම පිළිබඳව දෙමාපියන්ගේ මතය කොහොමද?
ගෙදරින් මට ප්‍රශ්නයක් නෑ කොහෙත්ම. මම නිරූපණය කරන්නේ ගොඩක්ම බ්‍රයිඩල් පැත්ත විතරයි. අම්මා මට ගොඩක් උදව් කළා. මට කිසි බාධාවක් නෑ ගෙදරින්.

ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?’
කාලයක් මේ ක්ෂේත්‍රයේම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. මට තාම ලොකු වයසකුත් නෑ. ඉදිරියේදි මම ආසයි මේ ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන ඉදිරියට එන්න. ඇත්තටම මම සතුටු වෙනවා මේ වගේ ක්ෂේත්‍රයක ඉන්න ලැබීම ගැන. මට මේ තැනට එන්න උදව් කළ සියලුදෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ගොඩක් අයගේ සහයෝගය මට ලැබුණා. ඉදිරියටත් මම මේ ක්ෂේත්‍රයේ හොඳ වැඩ ටිකක් කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top