Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 November 13
1,102
Views
දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීමට පැමිණි සුරූපී තරුණියක් එහි ඇඳුම් මාරු කර පරීක්ෂා කරන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ සේවකයකු එතැනට ඇතුලූවී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා දඹුල්ල නගරයේ ඊයේ (12) සවස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

සීගිරිය ප‍්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු එම එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව ඇත.
මෙම කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත් තිරය මෑත්කර සේවකයා ඇතුළුව ඇති බවත් කියැවේ.ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් ආවරණය කරගෙන පමණි.

සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර තරුණිය බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.‘කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල් වලට ඇයි අකමැති වෙන්නේ..’ යනුවෙන් තරුණයා පවසා ඇයට තවදුරටත් හිරිහැර කරන්නට උත්සාහ කර ඇත. අඟපසඟ අතගෑමත් සමග එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණියද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ සැඟවි සිට ඇත.

කුපිත වූ ප‍්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම්වූ නමුත් සාප්පු හිමියා මැදිහත්වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත. පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි.

පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත් ඔහු එලියට ගොස් ඇතැයි කියමින් සාප්පුහිමියා සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.
නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි සේවකයින් හිමිකරු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.







Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top