Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 November 12
935
Views
ධීවර ගැටළුවලට නිසි විසඳුම් ලබා නොදෙන බව පවසමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු මෙන්ම විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට ඊයේ (12) පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කළා.  ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ධීවරයන්ට එරෙහිව අමාත්‍ය රාජිත සේනාරත්න විවිධ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවයි. ධීවර අමාත්‍යාංශය අසලදී ධීවරයන්ට එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප‍්‍රනාන්දු, රාජිත සේනාරත්න අමාත්‍යවරයාට දැඩිව චෝදනා කළා.

මෙහිදි එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි නම් ඉන් ඉවත්ව යන ලෙස ධීවර අමාත්‍යවරයාට දැනුම්දෙන බවයි. ධීවරයන්ගේ ගැටළු විසඳීමට ධීවර අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පෙරේරා එහිදී අවධාරණය කළා.

එම සංවාදය පහතින්...

දීලීප් වෙදආරච්චි - පා.ම.
එක්සත් ජාතික පක්ෂය
-අපේ මාලු වැඩිපුර ගන්නේ යුරෝපා සංගමයෙන්. අද ඔවුන් තහංචි දාලා. ඒකට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. ඔබතුමාට ඒක බැරිනම් අස්වෙන්න. අස්වෙලා දෙන්න ජනාධිපතිතුමාට. ධීවරයන්ට සහන නැහැ. අමාත්‍යංශය ඉදිරිපිට ප්‍රහාරය හෙලා දකිනවා.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු
-ජනපතිගේ මුලිකත්වයෙන් යුරෝපා සංගමයේ  තහනම ඉවත් කරන්න යෝජනාවක් කළා. අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රහාරය අනුමත කරන්නේ නැහැ. ජේ.වි.පී. කාරයෝ කියලා හංවඩු ගහන්න එපා.

රාජිත සේනාරත්න - ධීවර අමාත්‍ය
-පියංකර කිව්වේ ජේ.වී.පී. කියලා. මම දන්නේ නැහැ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු
-ඒක එහෙම නෑ. ඒ අපේ මිනිස්සු. අපේ මිනිස්සුන්ට ගහන්න එපා.  තමුන්නාන්සේ කම්කරු නායකයෙක්නේ. එහෙම කතා කරන්න එපා.

නිරෝෂන් පෙරේරා - පා.ම.
එක්සත් ජාතික පක්ෂය
-ධීවර අමාත්‍යාංශය තියෙන්නේ අරලිය ගහ මන්දිරයේද? ධීවර ඇමති ප්‍රශ්න විසදන්නේ නැති නිසාද අරලියගහ මන්දිරයට ගෙනල්ලා ජනාධිපතිතුමා ප්‍රශ්න කරන්නේ? ජනපතිට විශ්වාසයක් නැහැ ඔබතුමාට මේක විසදන්න පුළුවන් කියලා. මිල්රෝයි ඇමතිතුමා කිව්වා එතුමා යුරෝපා සංගමයේ තහනම අතට ගත්තා කියලා.

රාජිත සේනාරත්න - ධීවර අමාත්‍ය
-කිසිම කෙනෙක් අතට අරගෙන නැහැ. ජනපති මා සමග වරින් වර සාකච්ඡා කරනවා. එහෙම එකක් නැහැ. මේ ආණ්ඩුවේ ධීවර ඇමතිවරු ගොඩක් දෙනෙක් ඉන්නවා. මේකට ආස කට්ටියක් ඉන්නවා. මම ඕන වෙලාවක මේක දෙනවා. කැමැත්තෙන් අත ගහපු එකක් නෙමෙයි මේක.

සුනිල් හදුන්නෙත්ති - පා.ම.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
-ඔබතුමා චීන ගිවිසුමක් අත්සන් කළා. එකේ අන්තිම එකගතාවය තමයි පෞද්ගලික සමාගමක් හදනවා කියලා. එකේ අධ්‍යක්ෂවරු දෙන්නයි. ලංකාවේ එක්කෙනා තමුන්නාන්සේගේ සම්බන්ධීකරණ ලේකම්. එයාට කොහෙන්ද එච්චර බලයක්. ඒකට මුදල් එකතු කළේ මොකෙන්ද?

රාජිත සේනාරත්න - ධීවර අමාත්‍ය
-සියයට සීයක් ඕනර් ෂිප් ටු ද චයිනීස්  එයාට තියෙන්නේ වෝටින් පවර්ස් විතරයි. ඒකට මුල්‍යමය ෂෙයාස් නැහැ.

සුනිල් හදුන්නෙත්ති - පා.ම.
එකේ තියෙන්නේ අපේ නම, චීන කොම්පැනියක් ඇමති පත් වුණේ දේශීය ධීවරයන් ආරක්ෂා කරනවා කියලා නෙමෙයි චීන කොම්පැනිවලට මාලු අරන් යන්න දෙන්නද? පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනිද්දී කිව්වේ දේශීය දේශීය, දේශීය කියලා. හැබැයි එකේ ඇති දෙයක් නැහැ. දේශීය ඉස්සරහට දාන්න ඕන චීන... චීන... චීන කියලා. මේ කරන්නේ බිස්නස් එකක්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top