Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 November 12
1,160
Views
මව්වරුන් මෙලොව ඇති දරාගත නොහැකිම වේදනාවට මුහුණ දෙන්නේ තම දරුවා මෙලොවට බිහිකිරීමේදීයි. එම වේදනාව මෙතෙකැයි කියා පැවසිය නොහැකියි. එනමුත් එම වේදනාව කොපමණද යන වග පිරිමි පාර්ශවයටද කියා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණා. මෙම අවස්ථාවට පැමිණි පෙම්වතුන් මෙන්ම සැමියන් රෝහලේ විශේෂයෙන් නිර්මාණය කල යන්ත්‍රයේ ඇති කොට්ටා දෙකක් මත තමන්ගේ යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවෙනවා.

ඉන් අනතුරුව බිරින්දෑවරුන් දරුවන් ප්‍රසූත කරන අවස්ථාවේදී විඳින වේදනාව පුරුෂ පාර්ශවයටද වීඳීමට අවස්ථාව උදාවෙනවා. මෙහිදී සිනාසුනු මුහුණින් යන්ත්‍රය වෙත ගිය පිරිමින්ගේ මුහුණ මඳ වෙලාවකින් මැළවී යන්නට වුනා. ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරා ඔවුන් පැළද සිටි කොට්ටය වෙත එල්ලවීමත් සමඟ යටිබඩේ මාංශපේෂීන්ට දැඩි වේදනාවක් දැනෙන්නට වුනා.

මේ වේදනාව උසුලාගත නොහැකි සමහර පිරිමින් හඬන්නට විය. සමහරු මහ හයියෙන් කෑ ගසන්නට විය. සමහරු පැණ දුවන්නට පවා තැත්කලහ සියලු දේ අවසන් වී පිරිමින් පවසා ඇත්තේ තමන්ගේ බිරින්දෑවරුන් මේ තරම් වේදනාවක් විඳින බව කිසිදාක නොසිතූ බවයි. මෙම පරීක්ෂණය පැවැත්වූයේ විනාඩි කීපයක් පමණක් වන අතර නමුත් විලිරුදාව ඇතිවන කාන්තාවන් මෙවැනි වේදනාවක් පැය ගණන් දින ගණන් විඳිනා බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබුණේ.

‍මේ ආකාරයෙන් පරීක්ෂණයක් සිදුකර පෙන්වීමට හේතුව පිරිමින්ට දරු ප්‍රසූතියේ වේදනාව තේරුම්කර දීම බවයි රෝහලේ පිරිස් වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබුණේ.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top