Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 23
2,005
Views
වයස අවුරුදු 63 ක කාන්තාවක් විසින් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නගරයේ රෝහලකදී දරුවෙකු බිහිකර ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටිනවා.

ඇය පිළිබඳව වූ පුවත ගල්ෆ් නිව්ස් පුවත්පතේ ඊයේ (22) වාර්තා කර තිබූ අතර ඇය බිහි කර ඇත්තේ ගැහුණු දරුවෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඇයගේ සැමියාද 61 වන වියේ පසුවන ලාංකිකයෙකු වන අතර ඔවුන් දෙදෙනා විසින් මෙම යුවල විසින් ඉන්දියාවේ චෙන්නායි නුවරදී දරුඵල සරුගැන්වීමේ සායනික ක්‍රමවේදයේ ප්‍රතිකාර සිදුකර ඇති අතර ඒ අනුව ඩුබායි හි තම්බේ නම් රෝහලේ ඉන්දීය ජාතික නාරිවේද විශේෂඥ වෛද්‍යවරියකගේ උපදෙස් මත මෙම දරුවා බිහිකර තිබෙනවා.

මෙම කාන්තාවගේ නම් ගම් ප්‍රසිද්ධ කිරීම රෝහල විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයට මීට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනෙකුද සිටිනවා.

කෙසේ නමුත් ඇය මෙම දරුවා බිහිකර ඇත්තේ ඇයට උපන් අවසන් දරුවා බිහිකර වසර 13කට පසුවයි. ඔවුන්ගේ පවුලේ සමාජිකයින් මෙන්ම තමන්ද මෙවන් වයසකදී දරුවෙකු බිහිකිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් ඇය පවසා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top