Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 February 21
1,995
Views
මැච් එක ඉවරවෙලා දවස් 2ක් වුනත් එදා අසේල ගහපු ගැහිල්ල ගැන තාමත් අපේ අය කතා වෙනවා. එදා මැච් එකේ අවසන් මොහොත ඒ තරම් හදවතට දැනෙයි කියලා මැච් එක පටන්ගද්දි නම් කවුරුත් හිතන්න නැතුව ඇති.

කොහොම වුනත් මේ මැච් එකේ අවසන් ඕවරේදී කුලසේකර අවුට් වෙලා පිටියට ආවේ මාලිංග. ඒ ආව ගමන් මාලිංග අසේලගේ පපුවට තට්ටු කරලා කතාවක් කීවා. මේ ගැන ගොඩ දෙනෙක් අවධානය යොමු කලේ මාලිංග මොනවගේ දේවල්ද මෙයාට කියන්න ඇත්තේ කියලා.

ඒ කුතුහලයට මේ වෙද්දි අසේල උත්තර දීලා තියෙනවා. ඔහු කියන්නේ මාලිංග පිට්ටනියට ආව ගමන් තමන්ට කීවේ දුවන්නේ නැතුව ලොකු පාරවල්වලට ගිහින් මැච් එක දිනවන්න කියලලු. ඒ වගේම මාලිංග හැමපන්දුවෙන් පන්දුවටම තමන්ගේ ළඟට ඇවිත් ඔහුට ලොකු දිරියක් දුන්නා කියලත් අසේල කියලා තියෙනවා.

මේ විදියට තමයි ඔහු ඒ ගැන කීවේ...

මාලිංග අයියා කඩුල්ලට ඇවිත් කීවේ දුවන්නේ නැතිව ලොකු පහරවල්වලට ගිහින් තරගය දිනවන්න කියලා. ඔහු හැමවිටම මට ලොකු දිරියක් ලබා දුන්නා, ඇත්තටම මගේ සැලසුම වුණේ ඒ වෙලාවේ තිබුණු ඉලක්කය අනුව 19 වැනි ඕවරයේදී ලකුණු 20ක් ලබාගැනීම. 6 පහර 3ක් හා 4 පහරක් සමග ලකුණු 22ක්ම ලැබිම නිසා අවසන් ඕවරයට යාමේදී එය වඩාත් සැහැල්ලුක් වුණා. කොහොම වුණත් තරගයේ ජය වගේම ඔස්ට්‍රේලියාවේදී තරගාවලියේදී ජයක් ලැබිමත් ලොකු සතුටක්, කපුගෙදර එක්ක හයවැනි කඩුල්ලට හොඳ සබඳතාවයක් තියන්න ඕවර වැඩිපුර ගාණක් කඩුල්‍ලේ රැඳී ඉන්න අපි කල්පනා කළා. විශේෂයෙන් මෙම තරග දෙකේම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය අපිට ලොකු ශක්තියක් වුණා.

මාලි අයියා පිට්ටනියට එද්දි තිබ්බේ බෝල 5ට 14ක් ගහන්න, ආව ගමන් එයා මට කීවේ ඔයාට පුලුවන් මේක ගහන්න, බෝල මිස් වුණාට අවුලක් නෑ, තනියම ගහන්න, දුවන්න එපා කියලා. මාලි අයියා බෝලෙන් බෝලේ ඇවිත් කතා කලා, අන්තිම ලකුණු 3 තියෙද්දිත් ඇවිල්ලා කීවේ විකට් එක දෙන්න එපා පාර ගහන්න කියලා, එහෙම නැති වුනොත් මැච් එක අවුල් යයි කියලා, ඒ කීව දේවල් මට ලොකු හයියක් වුණා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top