Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 31
3,283
Views
පළමු එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් සටනකින් තොරව පරාජය වීම හේතුවෙන් ඩර්බන් හිදී හෙට (01 දා) ආරම්භවන දෙවැනි එක්‌දින තරගයේදී පිතිකරු අනුපිළිවෙලේ සහ පන්දු යෑවීමේ අංශයේ වෙනසක්‌ කිරීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටියි.

පෝර්ට්‌ එලිසබෙත් තරගයෙන් පසුව දිනක විවේකයක්‌ ලබාගත් ශ්‍රී ලංකා පිල ඊයේ (30 දා) පෙරවරුවේ පැය තුනකට ආසන්න කාලයක්‌ ඩර්බන් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත විය.

කෙසේ වෙතත් කණ්‌ඩායමේ පුහුණු සැසියේදී නව අත්හදා බැලීම් මතින් ශ්‍රී ලංකා පිල වෙහෙසකර පුහුණු සැසියක නිරත වන අයුරු දක්‌නට ලැබුණි.

ජයග්‍රහණය සඳහා ශක්‌තිමත් ආරම්භයක්‌ ලබා ගැනීම හේතුවෙන් නිරෝෂන් දික්‌වැල්ල සමග හෙට තරගයේදීත් සඳුන් වීරක්‌කොඩි ඉනිම අරඹනවාද නැතහොත් ධනංජය ද සිල්වා හෝ උපුල් තරංග ඉනිම ආරම්භ කරනවාද යන්න අද දිනයේ පුහුණු සැසියෙන් පසුව තීරණය කරන බව අනාවරණය විය.

ඩර්බන් තණතීරුව පිතිකරුවන්ට සහයක්‌ දක්‌වන තණතීරුවක්‌ බවට දක්‌නට තිබුණද ඊයේ වන විටත් තණතීරුව සකස්‌ කරමින් තිබුණි. ඒ අනුව හෙට තරගයේදී තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට ඇතුළත් කිරීමේ අවස්‌ථාවක්‌ ඇති අතර එසේ වුවහොත් සචිත් පතිරණ, චතුරංග ද සිල්වා සහ ළහිරු මධුෂංක යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්‌ අයකුට හෙට කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවේ.

තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්‌ඩායමට එක්‌ වුවහොත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වෙනුවට එක්‌ දග පන්දු යවන්නකු සමග ඩර්බන් තරගයට ශ්‍රී ලංකා පිල පිවිසීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබේ. එසේ වුවහොත් ලක්ෂාන් සඳකැන්ට වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර ජෙෆ්රි වැන්ඩසේ හෝ ආරම්භක පිතිකරු සඳුන් වීරක්‌කොඩිට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පවසන පරිදි මේ තරගය ජය ගෙන තරගාවලිය එකට එකක්‌ ලෙස සමතැන් ගැනීමට පළමු තරගයේ වැරදි නිවැරදි කර ගත යුතුව පවතී.

කුසල් මෙන්ඩිස්‌ ලකුණු අතරට පිවිස තිබුණ නමුත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෙස දිනේෂ් චන්දිමාල්ගෙන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ජයග්‍රාහී පිති ප්‍රහාරයක්‌ දක්‌නට නොලැබීම ශ්‍රී ලංකා පිලට හිසරදයක්‌ බවට පත්ව තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top