Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 11
1,580
Views
වාහන අවභාවිතාවක් නිසා FCID අත්අඩංගුවට පත්වූ හිටපු ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සමන්ත ලොකුහැන්නදිගේ ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කළා.

මෙම නඩුව අවස්ථාවේ විමල් වීරවංශ හා සමන්ත ලොකුහැන්නදිගේ යන අය ඇප ලබාගැනීමට දරුවන්ගේ විභාග ඉස්මතුකර පෙන්වූ අතර වීරවංශ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වය සහ ලොකුහැන්නදිගේ මහතාගේ දියණියගේ රෝගී තත්ත්වයත් සැකකරුවන් දෙදෙනාගේම දියණියන් සාමාන්‍ය පෙළට පෙනී සිටින බවටත් ලොකුහැන්නදිගේ මහතාගේ දියණියක් උසස් පෙළට මෙවර පෙනී සිටින බවටත් කරුණු දක්වමින් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඉල්ලීමක් කළ අතර සිදු කළ ඉල්ලීම ලබන 24 වැනිදාට සලකා බලන බව මහේස්ත්‍රාත්වරිය කීවාය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top