Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 08
1,849
Views
බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ උප පොලිස්‌ පරීක්‍ෂක බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ පසුගියදා උපාධියක් ලබාගත් අවස්ථාව ඔබට මත ඇති.
එලෙස මරණ දඬුවම නියමවී උපාධියක් ලබාගත් පළමු පුද්ගලයා ලෙස ඔහු මෙරට ඉතිහාසයට එක්වුණා.

මෙසේ දහසක්‌ බාධක මැද දැඩි උත්සාහයකින් යුතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී සාමාන්‍ය බාහිර උපාධිය දිනාගත් බමුණුසිංහ ආරච්චිගේ ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ සඳහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී පශ්චාත් උපාධිය හදාරන්නටද සූදානමින් සිටින බවයි.

එහිදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එක්‌ ආයාචනයක්‌ද කර තිබෙනවා.

ඒ තමන්ට සමාව දෙන ලෙස නොවේ.

සිය පශ්චාත් උපාධියේදී සියයට හැත්තෑවක්‌ දේශනවලට සහභාගි වීම අනිවාර්ය බැවින් තමන්ට ඊට සහභාගි වීම සඳහා අවස්‌ථාවක්‌ හිමි කර දෙන ලෙසයි  ඔහු ඉල්ලා සිටින්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top