Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 07
2,133
Views
රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් ඇමෙරිකානු ජනපතිවරණ සටනේදී ඔහු වෙනුවෙන් වෙහෙස මහන්සි වූ අංකුර බොලිවුඩ් නිළියක් ද සිටිනවා. ඇය තමයි, මනස්වි මම්ගායි. 2010 දී ඉන්දීය රූ රැජනක ලෙස කිරුළු පැලඳි 27 වියැති ඇය, එම ඡන්ද ව්‍යාපාරයේ නියැළෙමින් ප්‍රකාශ කළේ ට්‍රම්ප් ජය ගතහොත් එයින් ඉන්දියාවට වැඩි වාසි අත්වන බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ ජනවාරි 20 දා. එදිනට පෙර දිනයේ විශේෂ උත්සවයක් පැවැත්වීමටත් නියමිතයි. එම උත්සවයේ විශේෂ අංගයක් වන්නේ පැය 4ක් පුරා පැවැත්වෙන ප්‍රසංගයයි. මේ ප්‍රසංගයේ වැඩි කාලයක් වෙන්වී ඇත්තේ මනස්වි වෙනුවෙන්. ඇගේ නර්තනයන් සහ රංගනයන් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති.

“ජනවාරි 19 දා හවස 3ත් 7ත් අතර තමයි, මේ නව ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන්නේ. හවස 5 ට විතර නව ජනාධිපතිවරයා මේ උත්සවයට පැමිණෙනවා. ඔහු රැඳී සිටින්නේ පැයකට අඩු කාලයක්. මට ලැබිල තියෙන්නෙ හවස 5 ඉඳල 5.45 අතර කාලයයි. ඒ කාල වේලාව තුළදී තමයි, මගේ නැටුම් ගැයුම් ඉදිරිපත් කරන්නෙ.” ඇමෙරිකානු නව ජනාධිපතිවරයා සහභාගි වන කාලය තුළදී මනස්වි වැනි යොවුන් නවක නිළියකට මෙවැනි අවස්ථාවක් උදාවීම ඉතාම විරල සිදුවීමක් හැටියට සටහන් කළ හැකියි.

මෙම පිළිගැනීමේ උත්සවයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇතුළු මිලියනයක පමණ ජනතාවක් සහභාගි වනු ඇතැයි පැවසෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top