Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 06
13,697
Views
2016 අවුරුද්දත් ඉතිහාසයට එකතු කරලා හා හා පුරා කියලා 2017 අවුරුද්දට ප්‍රවිශ්ට වෙලා ඉන්න මේ වෙලාවේ පහුගිය අවුරුද්ද, ඒ කියන්නේ 2016 අවුරුද්ද ලංකාවේ අයට පට්ට සුබ අවුරුද්දක් නො වුණට හිතන තරම් අසුබත් නෑ කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඒකට එක හේතුවක් තමයි ලංකාව Google එකේ එක පිට එක තිබ්බ වාර්තාවන් හින්දම ලංකාවේ නම ජාත්‍යන්තරයගේ කතාබහට ලක්වෙන්නත් පහුගිය වසර හේතුවක් වුණා.

පෙරළිකාර තාක්ෂණයත් එක්ක ඉදිරියටම යන ලෝකයට අන්තර්ජාලය කියන්නේ ආශිර්වාදයක්. ඒ හින්දම තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඊළඟ විප්ලවය විදිහට අන්තර්ජාලය හඳුන්වන්නේ. ලෝකයේ ගොඩක් රටවල් අන්තර්ජාලය ධනාත්මක විදිහට පාවිච්චි කරනකොට ලංකාව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට අන්තර්ජාලය පරිහරණයට යොමු වෙන්න සැබෑ හේතුව මොකද්ද කියන එක අපි කාටත් නිශ්චිතවම කියන්න බැරි දෙයක්. කොහොම වුණත් ලංකාව අන්තර්ජාලය පරිහරණය කරන විදිහ ලෝකයේ අනිත් රටවලට වඩා වෙනස් කියලා මුළු ලෝකයටම ඔප්පු කරපු අවස්ථා කිහිපයක්ම පහුගිය දවස්වල අපිට දැකගන්න පුළුවන් වුණා. ඒ අතරින් එකක් තමයි ලෝකයේ රටවල් අතරින් Google හරහා ඵඥය කියලා වැඩිපුර වාර ගණනක් search කිරීම නිසා ලංකාවට පස්වෙනි වතාවටත් පලවෙනි ස්ථානය හිමිවීම හඳුන්වන්න පුළුවන්. මේ ලැයිස්තුවේ ඊට පහලින් තිබ්බ රටවල් ගැන කොහොම වුණත් ලංකාවේ මේ list එකේ පස්වෙනි වතාවටත් පලවෙනි තැනට ආපු එක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මිනිස්සු කුතුහලයෙන් හොයලා බලන්නේ නො දන්න, දුර්ලභ දේවල් ගැනනේ. ඉතින් ලංකාව වගේ රටක sex වලට තියෙන barriers එක්ක බැලුවහම කාටවත් නො පෙනෙනවා කියලා හිතාගෙන Google එකේ sex search කරන එක, එක අතකින් බලන්න ගියහම ඒ හැටි අරුමයකුත් නෙවෙයි.

කොහොම වුණත් Google එකේ ඵඥය search කරලා ලංකාව පලවෙනි තැනට එනකොට තව පැත්තකින් තාක්ෂණික දේවල් සම්බන්ධයෙනුත් Google එකේ වැඩිපුරම search කරලා තියෙන්නේ ලංකාව. ඒ වගේම තමයි English කියන වචනය ගැන වගේම Nasa කියන ආයතනය ගැනත් විස්තර හොයන්න උනන්දුවෙන්, උවමනාවෙන් වැඩිපුරම Google එකේ  search කරලා තියෙන රටවල් අතරින් ලංකාවට පස්වෙනි ස්ථානය හිමිවෙලා තියෙනවා.  මේ වාර්තා කොහොම වුණත් දැන් කියන්න හදන්නේ ලංකාවේ අය වැඩිපුරම උනන්දුවෙන් Google search කරලා තියෙන Top 5 list එකක් ගැන. මේ තමයි ලංකාවේ අය පහුගිය වසරේ Google එකේ වැඩිපුරම උනන්දුවෙලා search කරලා තියෙන පස්දෙනා.

1.    ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump)
2.    මෙලේනියා ට්‍රම්ප් (Melaniya Trump)
3.    හිලරි ක්ලින්ටන් (Hillary Clinton)
4.    පියුමි හංසමාලි (Piyumi Hansamali)
5.    මිචේල් පිලිප්ස් (Michael Phelps)



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top