Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2017 January 06
1,713
Views
පහුගියදා අන්තර්ජාලයේ දැඩි ලෙස විවේචනයට ලක්වූ ගිත වීඩියෝවක පෙනී සිටි චමත්කා ලක්මිනි මේ වෙද්දි සෑහෙන ජනප්‍රියත්වයක් ලබලා. ඒ ජනප්‍රියත්වයත් එක්කම ඇය පුංචි තිරයටත් එනවා කියලා දැනගන්නට ලැබෙන්නේ.

මේ ඇයගේ අලුත්ම තොරතුරු...
මේ ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම සඳහන් කළොත්?
මම ඩාන්සින් ෆීල්ඩ් එකෙන් තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ අතරතුර මම 2015 "ක්වින් ඔෆ් ඒෂියා ශ්‍රී ලංකා" එකට ඇප්ලයි කළා. එහිදී මට බෙස්ට් පොටෝ ජනික් හිමිවුණා. පසුව තමයි මම මේ ෆීල්ඩ් එකට එන්නේ. 2016 වසරේ පැජන්ට් එකක් කරලා තියනවා. පසුව තමයි මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්වලට එන්නේ.

මෑත කාලයේ ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් විවේචනයට ලක්වුණා?
ඒ මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක. අපිට එවැනි අය මුණගැහෙනවා, ගැහැනු පිරිමි භේදයක් නැතුව. මම එය නිරූපණය කළා විතරයි. මගේ ජීවිතයට සම්බන්ධ දෙයක් නෙමෙයි. සමාජය බලන විදිහ වෙනස්. ආර්ට් ඇහැකින් බලනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මට ෆීල්ඩ් එකේ ඉන්න අය කිසිදෙයක් කිව්වෙ නෑ. මේ ෆීල්ඩ් එකෙන් එළියේ ඉන්න අය තමයි ඒක විවේචනය කළේ. මම විරතක් නෙමෙයි එවැනි රංගනයක් සිදුකළේ. මුලින් සිදුකළ ඒවා විවේචනයට ලක්වුණේ නැහැ.

මෙහෙම විවේචනය වන දේවල් භාරගන්නේ ප්‍රසිද්ද වෙන්න, එහෙමත් නැත්තම් ජනප්‍රිය වෙන්න කියලා කිව්වොත්?
නැහැ. ඒක මගේ කැමැත්ත. මිනිස්සු ඒක භාරගන්න විදිහ අනුව එහෙම හිතන්නේ. ඒවගේ දේවල් කරන්න ඕන නෑ ජනප්‍රිය වෙන්න. ෆීල්ඩ් එකේ නැති අය ඒ වගේ දේවලින් තමයි අපිව ජනප්‍රිය කරන්නේ. ඉන්ටනැෂනල් ගිහින් ලංකාවට ගෙනත් තියන කිසිදෙයක් ගැන කතා කරන්නෙ නැහැ. අපි ඒ වගේ දෙයක් කළොත් කතා කරනවා. ඒක මිනිස්සු හිතන විදිහ. ඔවුන්ගේ මතය. එවැනි වීඩියෝ එකක් කරලා නෙමෙයි මම ෆීල්ඩ් එකට එන්නේ. මම ෆීල්ඩ් එකට එන්නේ ඊට වසරකට පෙර. මම ලංකාවට දේවල් ගෙනත් තියනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

මොනවද ජයග්‍රහණය කරලා තියෙන්නේ?
මගේ සකන්ඩ් පැජන්ඩ් එක සයිෆස් මිස් ඩීන් ගෑන්සි යුනිවස්. එහි ටොප් පයු. මිස් ඉන්ට නැෂනල්. කැට් වොක් යනකැටගරිස් හම්බුණා. අගෝස්තු මාසයේදි ඒ අය මාව ඉන්දියාවෙ තිබ්බ මිස් ඒෂියා පැජන්ඩ් එකට යෝජනා කළා. එහිදී ටොප් ටෙන්, පර්පෙක්ට් ටෙන් යන ටයිටල් හිමිවුණා.

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?
මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්. ෆීල්ඩ් එකේ ඉස්සරහටත් වෙනස්ම දේවල් තමයි කරන්නේ. ඩාන්සින් ෂෝ වගයක් කරනවා. වෙළෙඳ දැන්වීම්වලට එතරම් දායක වෙන්නෙ නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. එයට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
VIDEO CORNER
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top