Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 18
1,158
Views
"තමන්ගේ තාත්තාගේ මෘත දේහය පුතාලා දෙන්නට භාර ගන්න බැරිනම් සහෝදරයෝ වන අපටවත් මෘත දේහය භාර දෙන්න. අයියගේ මෘත දේහය දැන් දවස්‌ 17 ක්‌ තිස්‌සේ කළුබෝවිල මහ රෝහලේ. අයියා මෙහෙම ඉන්න ඕන කෙනෙක්‌ නොවෙයි. ඔහු කෝටිපතියෙක්‌" යෑයි ව්‍යාපාරිකයකු වන හේමප්‍රිය රංජිත් ද සිල්වා මහතා දැඩි කම්පනයෙන් යුතුව ඊයේ (17 වැනිදා) පැවැසීය.

කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ මෙලෙස දින 17 ක්‌ තිස්‌සේ තැන්පත් කර ඇත්තේ ගාල්ල, රිච්මන්ඩ් හිල්, ගල්කැටිය පාරේ පදිංචිව සිටි හෙන්දහේවා සද්ධාසේන ද සිල්වා නමැති 69 හැවිරිදි විවාහකයෙකි.

සිය වැඩිමල් සොහොයුරාගේ මෘත දේහය බැලීමට කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ඊයේ පැමිණ සිටි හේමප්‍රිය රංජිත් ද සිල්වා මහතා තවදුරටත් කතාකරමින් මෙසේ පැවැසීය.

"මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමල් අයියා. ඔහු විවාහකයි. පුතාලා දෙන්නෙක්‌ ඉන්නවා. අයියා මැරෙන්න ඉස්‌සෙල්ලා කියලා තිබුණා එක පුතෙක්‌ ඉංජිනේරුවෙක්‌ අනෙක්‌ පුතා වෛද්‍යවරයෙක්‌ කියලා. අයියාගේ බිරිඳ ගාල්ලේ ප්‍රධාන පාසලක හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරියක්‌. අයියා සව්දියේ අලෙවි කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කළා.

පස්‌සේ ලංකාවට ආවා. ඒ ආවට පස්‌සේ ගෙදරින් ඒ අය එලවා ගත්තා. පස්‌සේ අයියා මා ළඟ අවුරුදු පහක්‌ හිටියා. ඊට පසුව ඔහු අපේ තවත් ඥාතියකු ළඟ හිටියා. ඒ ඉඳලා බණ්‌ඩාරගම වැඩිහිටි නිවාසයක ඉඳලා තිබෙනවා. ඒ ඉන්න අතරතුර අයියාට අසනීප වෙලා කළුබෝවිල මහ රෝහලේ නතර කර තිබුණා. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වැනිදා මියගියා. ඒ මියගියදා ඉඳන් අයියාගේ මෘත දේහය භාර ගන්න ඔහුගේ බිරිඳ තබා පුතාලා දෙන්නවත් ආවේ නැහැ. පුදුම දරුවෝ මෙච්චර හදලා වඩලා හොඳ තැනකට එන්න පාර පෙන්වපු තමන්ගේ තාත්තගේ මෘත දේහය භාරගන්න එන්නේ නැහැ.

මියගිය සද්ධාසේන ද සිල්වා මහතාගේ බාල සොහොයුරකු වන හෙන්දහේවා නීල් ද සිල්වා මහතා.

"මෙච්චර කවලා පොවලා හදලා වඩපු පුතාලා දෙන්නට තාත්තගේ මෘත දේහය ඕනේ නැත්නම් සහෝදරයන් වන අපටවත් මෘත දේහය දෙන්න අවසන් කටයුතු පිළිවෙළට කරන්න. මැරිච්ච තාත්තගේ අවසන් කටයුතු කරන්න බැරි දරුවන්ට ඒ අයගේ දරුවෝ ඒ අයටත් කරන්නේ ඔය ටිකමයි.

මෙලෙස මියගිය හෙන්දහේවා සද්ධාසේන ද සිල්වා මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට ඔහුගේ ගාල්ලේ පදිංචි බිරිඳගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන එය කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් උසාවියට ඉදිරිපත් කරන්නැයි හදිසි මරණ පරීක්‍ෂක විපුල නරසිංහ මහතා කහතුඩුව පොලිසියට නියෝග කළේය.

කහතුඩුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දන ජයනාත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කොස්‌තාපල් ලහිරු (75308) පරීක්‍ෂණ මෙහෙයවීය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top