Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 November 18
4,352
Views
“රන් රන් රන් මාලා පලඳා මල් ගවසාලා  “ ගීතයත් සමග ප්‍රසිද්ධියට පත් ටීෂා දැන් ජීවත්වන්නේ ඇමරිකාවේ මෙරිලන්ඩ් හි හේගස් නගරයේ. ටීෂා මේ වෙද්දී අලුත් වැඩකට අතගහලා තියෙනවා කියලා අපට දැනගන්නට ලැබුණා.

2008 වර්ෂයේ ලංකාවෙන් ගිය ටීෂා අවුරුදු 08කට පස්සේ ප්‍රේක්ෂක ඉල්ලීම මත අලුත් සිංහල සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා.

ඇමරිකානු සමාගමක් සමඟ අත්සන් කළ ගිවිසුමකට අනුව ඇය ගීත  30ක් ඉංග්‍රීසි බසින් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බව ටීෂා අපිත් එක්ක පැවසුවා.

එසේ ඇමරිකානු සමාගමක් සමඟ Record Label එකක ගිවිසුම් අත්සන් කළ ලංකාවේ පළමුවැනි කාන්තා ගායිකාව බවට ඇය පත්වෙනවා.

ඒ අතරට ඇය විසින්ම නිර්මාණය කළ ඉංග්‍රීසි ගීතයේම සිංහල version එක ටීෂා විසින්ම රචනා කිරීමත් විශේෂත්වයක්.

ඒ වගේම මෙහි සුවිශේෂිත්වය වන්නේ ඇමරිකාවේදී ප්‍රථම වරට සිංහල සින්දුවක විදේශිකයෙකු රඟපෑමයි.

මෙම ගීතය “ අපි දෙන්නා “ යනුවෙන් හදුන්වන අතර කිසිදා හමුනොවුණු පෙම්වතුන් යුවළකගේ ආදර අන්දරයක් ගැන කියවෙනවා.

ඇය ලියපු ලස්සනම සිංදුව මෙය තමයි කියල ටීෂා අපිට පැවසුවේ.

ඊයේ එම ගීතයේ පූර්ව ප්‍රචාරක පටයක කොටසක් youtube වෙබ් අඩවියේ පලකළ බවද ඇය අපට පවසා සිටියා.

එම වීඩියෝවේ නිරූපණ ශිල්පිනිය ලෙස සහභාගිවන්නේ  ඇමරිකානු නිරූපණ ශිල්පිණියක් වන Chris Forzaය.

මේ පිළිබඳව ටීෂා තවදුරටත් සඳහන් කළ ඇය අපි සමඟ මෙලෙසද කිව්වා.

"ලංකාවෙන් ඇමරිකාවට ඇවිත් මම කරපු පළවෙනි සිංහල සිංදුව මේක. ඇමරිකානු කණ්ඩායමක් සමඟ වැඩකටයුතු කරන්න ලැබීම ගැන සතුටුයි. ඒ අය මට කියන්නේ “ Teesha - the Sri lankan Queen“ කියලා.

මේ ගීතය දෙසැම්බර් 09 හෝ ඊට කලින් ප්‍රේක්ෂකයිනට බලන්න සලස්වනවා. කොහේ හිටියත් ලංකාවට ආදරෙයි. එය මගේ මව්බිමයි.

පහතින් දැක්වෙන්නේ මෙම පූර්ව ප්‍රචාරක පටයයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top