Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 October 22
2,057
Views
වෘත්තීය ජීවිතය වැදගත් කියල හිතන කාන්තා ඔබට විශේෂයෙන් සිහියේ තියා ගන්න ඕනේ දෙයක් තමයි කාර්යාලයේ යාලුවෝ එක්ක කියන්න සුදුසු දේවල් සහ නැති දේවල්. ඔබ යම් තැනක රාජකාරි කරද්දී එහි සාමාජිකයන් සමග සමීප සම්බන්ධයක් ඇති කර ගැනීම, විවෘත වීම ඉතාම වැදගත්. ඒ වගේම ඔබ බුද්ධිමත් විය යුතුයි සීමා මායිම් හරියට ලකුණු කර ගන්න. නැත්නම් ඔබේ වෘත්තීය ජීවිතය අසාර්ථක වෙනවා.


1)  ඔබේ දේශපාලන මතවාද
දේශපාලන මත වාද කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ගොඩක් පුද්ගලික දෙයක්. මෙවැනි කරුණු වලදී මිනිස් ස්වභාවය තමයි විවේචනයට ලක්වීමට ඇති අකමැත්ත. ඔවුන්ගේ මතය වෙනස් කරන්න යන එක පැත්තක තියල සාවධානව අසන්න. ඒ මාතෘකාව හැකි ඉක්මනින් මග හරින්න.

2) එකිනෙකාගේ අදක්ෂකම්
ඔබේ ප්‍රධානියා සමහර විට තීරණ අඩු අධ්‍යාපනයක් ලැබුව කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ සමග වැඩ කරන කෙනෙක් ගේ සන්නිවේදන හැකියාව අඩු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තවත් කෙනෙක් සමග හෝ පිරිසක් සමග පැවසීම නරක වැඩක්. ඒ වගේම ඒ කෙනාට ආරංචි වුනොත් ඔහුට හානියක්. ඒ වගේම ඔබටත් නිකරුනේ හතුරෝ ඇති කර ගන්න හොඳ ක්‍රමයක්. ඒ වෙනුවට නිතරම් හොඳක් පමණක් මුවට නගා ගන්න පුරුදු වෙන්න. ඔබ හැම දෙනාටම ප්‍රිය වෙයි.

3) ඔබ උපයන මුදල
ඔබේ වැටුප ගැන අවන්කවම සතුටු වෙන එකම කෙනා ඔබේ දෙමවුපියෝ විතරමයි. කාර්යාලයක හැමෝම ඉතාම උනන්දුයි ඔබේ වැටුප කීයද කියල දැන ගන්න. ඔබ කිසිම දිනක වැටුප හෙළි කරන්න එපා. එහෙම කරොත් ඊළඟ දවසේ ඉඳල ඔවුන් වෙනස් වේවි. ඔබේ වැටුප සහ ඔවුන්ගේ වැටුප් සංසන්දනය කරාවි. ආයතනයක් වැටුප් දීමේදී සලකන දේවල් ගොඩක් තියනවා. මේක ඔබේ අවාසියට මිසක් වාසියට කොහෙත්ම හේතු වෙන්නේ නැහැ. වැටුප කියන්නේ ඔබේ අතිශය පුද්ගලික දෙයක්.

4) ඔබ ඔබේ රැකියාවට අකමැති නම්
කිසිම ප්‍රධානියෙක් කැමති නැහැ නිතරම කෙඳිරි ගාමින් වැඩ කරන ඇයගේ උනන්දුව නැති කරනවට. ඔබව ඉක්මනින්ම ආයතනයෙන් එලියට විසි වේවි.

5) නිදන කාමරයේ කරන දේවල්
ඔබේ ලිංගික ජීවිතය කියන්නේ අතිශය පුද්ගලික දෙයක්. මෙවැනි දේවල් පිටට යාම කියන්නේ ඔබේ සතුරනට ඔබව විනාශ කරන්න දෙන හොඳ ආයුධයක්. ඒ වගේම මෙවැනි දේවල් රස කරමින් කියද්දී ඔබේ ගරුත්වය පහලට වැටෙනවා, කිසිවෙක් ඔබට ගරු කරන්නේ නැතුව යනවා.

6) අනුන්ගේ පුද්ගලික ජීවිත ගැන ඔබ හිතන දේවල්
අනුන්ගේ පුද්ගලික ජීවිත ගැන ඔබට ඔබේ මතයක් ඇති. නමුත් එය හෙළි කිරීම නුවනට හුරු නැහැ. එයින් ඔබේ චරිතය ගැන මිනිසුන් වරදිවට හිතනවා. ඒ වගේම ඔබෙන් ප්‍රවේශම් වෙන්න බලනවා. සිත් බිඳීම් ඇති වෙනවා. කාර්යාලයක රාජකාරි කරද්දී බොහොම පරිස්සමෙන් කතා කළ යුතු හා නොකළ යුතු දේවල් වටහා ගත යුතුයි.

7) ඔබේ අතීතයේ ඔබ කළ වැරදි ක්‍රියා
හැම පුද්ගලයාම අත්දැකීම් නැති තරුණ වයසේදී වැරදි කරනවා. එහෙම කියල අනික් ඇයගේ වැරදි වලට සමාව දෙන්න පුළුවන් තරම් හොඳ හිතක් කිසිවෙක්ට නැහැ. ඔබේ අතීතයේ කළ වරදක් ඔබ අ තින් හෙළි වුනොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබව පිළිකුල් කරයි. ඒ වගේම එක හැම තැනම පතුරන්නත් පුලුවන්. හොඳම දේ අතීතයේ හොඳ දේවල් පමණක් කියල නරක දේවල් නොකිවීමයි.

8) ඔබ වෙනත් රැකියාවක් හොයන බව‍ෙ
ඔබ වෙනත් රැකියාවක් හොයනවා නම් රහසිගතව එය කළ යුතුයි. මොකද මෙය ඔබේ ප්‍රධානියා දන ගත්තහම ඔහු බය වෙනවා. බය වෙලා ඒ වෙනුවට අලුත් කෙනෙක් ගන්න පුළුවන්. නැත්නම් ඔබ යන්න ඉන්න තැනට නොයෙක් බොරු කියන්න පුළුවන්. ඉන්න තැන සතුට නැති වෙන්න  පුළුවන්. අලුත් ආයතනයේ පත්වීම් ලිපිය අතට ගන්න තුරු අස්වීමේ නෝටිස් නොදී ඉන්න තරම් දක්ෂ විය යුතුයි. ඔබේ මිතුරන්ට මේ ගැන හෙළි කිරීම බොහොම භයානක දෙයක්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top