Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 October 21
2,480
Views
නුගේගොඩ හයිලෙවල් මංසන්ධියේ සහ දෙහිවල නගරය මැද පිහිටුවා තිබෙන ගුවන් පාලම් දවසේ වාහන තදබදය අධික වේලාවල් අනුව එක් පැත්තකින් පමණක් වාහන ගමන් කරන (වන්වේ) මාර්ග ලෙස පවත්වාගෙන යාමට පොලිස් රථවාහන අංශ තීරණය කර තිබේ.

ඒ අනුව උදේ 7 සිට 8 දක්වා කොළඹට ඇතුලුවන වාහනද සවස 5.30 සිට 6.30 දක්වා කොළඹින් පිටතට යන වාහනද පමණක් ඒ මතින් ධාවනය කරන්නට සිදුවනු ඇත.

අනෙක් වේලාවල් වල දෙපසටම ගමනාගමනයට ඉඩ තිබේ.

මේ සම්බන්ධ තීරණය නොබෝ දිනකින්ම ස්ථිර කරනු ඇති අතර ඊට පෙර පෙරහුරුවක් වශයෙන් ඔක්තෝබර් 25, 26,27 සහ 28 යන දිනයන්හිදි ඉහත ආකාරයට තනි අතට ධාවනය කිරීම් සිදුවන බවත් ඒ සඳහා අවශ්‍ය සහාය දෙන ලෙසත් රථවාහන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top