Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 September 23
6,809
Views
ලඳු කැලෑවකට රැගෙනගොස් මුදල් ලබාදී වයස අවුරුදු 13ක දැරියකට ලිංගික අතවර සිදුකළැයි වයස අවුරුදු 12ක සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිළධාරීන්ට හැකිව තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගැනුණේ කැකුලාකඩ වැවගම ප්‍රදේශයේ වයස අවුරුදු 12ක් වූ පිරිමි ළමා සැකකරුවෙකු වූ අතර පියා හැරගොස් මව විදෙස්ගතව ඇති සැකකරු අධික ලෙස නිල් චිත්‍රපට නැරඹීමට හුරුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට පෙර අවස්ථාවක දැරිය රවටා ලඳු කැලෑවකට ගෙන ගොස් රුපියල් සියයක් ලබාදී ලිංගික අතවර සිදුකර ඇති අතර අදාළ සිද්ධිය වූ අවස්ථාවේ දැරියට රුපියල් දෙසියයක් ලබාදී දෙදෙනාම නිර්වස්ත්‍රව සිටියදී දැරියගේ මිත්තනියක් සිදුවීම දැක දරුවන් එම ස්ථානයෙන් පලවා හැර තිබෙනවා.

පසුව දැරියගෙ මවට සිදුවීම පැවසීමත් සමග පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ ළමා සැකකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. වින්ධිත දැරිය හා ළමා සැකකරු වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top