ජපානයේ ටෝකියෝ හි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබාගන්නා අමුතුම ඡායාරූප කිහිපයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඡායාරූප ගැනීම සඳහා පැමිණෙන පිරිස පොලිතින් උරයකට දමා එහි ඇති ඔක්සිජන් වායුව ඉවත් කර ලබාගන්නා ලද ඡායාරූපයි.
කෙසේ වෙතත් බොහෝ පිරිසක් මෙලෙස ඇඳුම් සහිතව මෙන්ම නිරුවතින්ද ලබාගන්නා මෙම ඡායාරූපවලට ඇලුම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේ වුවද මෙම ඡායාරූප ගැනීමට යාම හේතුවෙන් මිනිස් ජීවිතයට දැඩි අවධානයක් එල්ලවන බැවින් ලොව භයානකම ඡායාරූප ගැනීම මෙය බවට විවිධ පාර්ශව පෙන්වා දෙනවා.
අදාල Haruhiko kawaguchi නම් ඡායාරූප ශිල්පියා පෙන්වා දෙන්නේ ඔහු ඡායාරූප ලබාගන්නා අවස්ථාවේදී ප්‍රථමාධාර ලබාදීමට පුහුණුව ලත් අයෙකු සූදානමින් සිටින බවයි.
ඔහු විසින් මෙලෙස මංගල ඡායාරූප ගැනීමටද බලාපොරොත්තු වන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ඔහු එලෙස ලබාගත් ඡායාරූප පහතින් නරඹන්න..