Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
3,040
Views
ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් තරගාවලියේදී ලැබූ අන්ත පරාජය කැන්ගරුවන්ට දරාගන්න එක ඒ තරම් පහසු දෙයක් වුණේ නැහැ.

ඔස්ට්‍රේලියානු පිලේ නායක ස්ටීවන් ස්මිත් එම තරගාවලියෙන් අනතුරුව රංගන හේරත් සමග සාකච්ඡා කළ බව ‘ෆොක්ස් ස්පෝර්ට්’ හී ලියා තිබුණේ මෙවැන්නක්.

“අන්තිම ටෙස්ට් තරගයෙන් පස්සේ අපි ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පොඩි අඩියක් ගැහැව්වා. ඒ වෙලාවේ මං හේරත් එක්ක ඔහුගේ පන්දු යැවීමේ උපක්‍රම ගැන කතා බහ කළා.  ඔහු එක්දින තරගවලින් විශ්‍රාම ගිහින් ඉන්න නිසා අන්තිමේ දි මට කොහොමහරි ලකුණු ටිකක් රැස් කිරීමේ අවස්ථාවක් උදාවෙලා තියෙන බව කියලා මම ඔහුට විහිලු කළා”

“තම අතේ උස පාවිච්චි කරලා පන්දුව යවන ගමන් මග වෙනස් කළ හැටි,  හුළඟ තියෙන වෙලාවට පන්දුව පා කරලා යවන්න උත්සාහ කරමින් පන්දුවේ දිලිසෙන පැත්ත පිට ඉන්නට පිටින් පතිත කළ හැටි වගේ දේවල් පැහැදිලි කරන්න තරම් ඔහු කාරුණික වුණා”

“මම සාමාන්‍යයෙන් ප්‍රතිවාදියෙක් එක්ක මේ විදිහට විවෘතව කතා කරන්නෙ නෑ. ඒත් ඔහු හැමතිස්සෙම මාව දවාගත්තු නිසා ඒක හදාගන්නයි මට ඕන කළේ. ඔහු මාත් එක්ක විවෘතව කතා කරපු එක මම සෑහෙන්න අගය කරනවා.” ස්මිත් එසේ ලියා තැබීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top