Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
1,326
Views
නීතිය රකින්න වගේම මහජන ආරක්ෂාව සපයන්න ඉන්න පොලිසිය ගැන සමාජයේ තියෙන්නේ තරමක් දුරට හොඳ මතයක්නම් නෙවෙයි. ඒකට හේතුව තමයි පසුගිය කාලේ පුරා සිද්ධ වෙච්ච දේවල් වගේම අහන්න දකින්න ලැබෙන දේවල්.

කොහොම වුණත් පොලිසියේ නාමයට කැළලක් සිද්ධවුණු තවත් ඒ වගේ දෙයක් ගැන අපිට වාර්තා වුණා. මේ සිද්ධිය වෙලා තිබුණේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේ ශාන්ත තෝමස් විද්‍යාලය ඉදිරිපිට.

එතන තියෙන පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයක් පහුගිය සෙනසුරාදා රෑ නතර කරලා. එම අවස්ථාවේදී අදාල මෝටර් රථයේ හිටපු කෙනා සමග පොලිස් නිලධාරීන් බහින් බස්වීමක් ඇතිවෙලා. ඒ වෙලාවේ එතන පොලිස් නිලධාරීන් 12 ක් පමණ ඉඳලා තියෙනවා.

මේ රියදුරා මත්පැන් පානය කරලා කියලා වාර්තා වෙනවා වගේම ඔහුට එතන හිටපු පොලිස් නිලධාරියෙක් පරුෂ වචනවලින් බැණවැදිලා තියෙනවා. මෙතන වෙච්ච හැමදේම පොලිසිය නවත්වපු මෝටර් රථය පිටුපස තිබුණු වෙනත් වාහනයක් ඇතුලේ සිටි කෙනෙක් ජංගම දුරකථනයෙන් වීඩියෝ කරලා.

සිද්ධිය වීඩියෝ කරනවා කියලා දැනගත්තු පොලිස් නිලධාරීන් එම වීඩියෝව මකා දමන්න කියලා බැන වැදිලත් තියෙනවා කියලයි අපිට වාර්තා වුණේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top