Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 23
1,578
Views
ලියනාඩෝ ඩිකැප්රියෝ යනු සිය රංගනයෙන් ලොවක් වසඟයට ගත් නළුවෙක්. කෙසේ වෙතත් ඔහු මෝටර් රථ අනතුරකින් 99 බේරුණු පුවතක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


පසුගිය ඉරිදා ලියෝ සහ ඔහුගේ පෙම්වතිය වන 24 හැවිරිදි නිනා ඇග්ඩාල් සිය මෝටර් රථයේ නිව්යොර්ක් බලා ගමන් කරන අවස්ථාවකයි ලියෝට මෙම අනතුර සඳහා මුහුණ දීමට සිදුව තිබෙන්නේ.

කෙසේ වෙතත් ලියෝ සිය රේන්ජ් රෝවර් මෝටර් රථය පාරෙන් ඉවතට ධාවනය කර අනතුර මැඩ පවත්වාගන්න සමත් වෙලා තියෙනවා.

නමුත් එහිදී තවත් මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුන් පස්සේ ලියෝ සිය පෙම්වතිය සිප වැළඳගෙන සනසන ඡායාරූප මේ වන විට ලොව පුරා වෙබ් අඩවි වල ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එමෙන්ම ලියෝ අනතුරට ලක්වූ වාහනයේ සිටි කාන්තාව වෙත ගොස් ඇයට උදව් කරන අයුරුද විදෙස් මාධ්‍ය ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කර තිබුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top