පසුගිය 21 වැනිදා බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අපූරු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. මේ උත්සවයට ගීත ගායනා කරන්න පැමිණියේ අපේ රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ දුවලා පුතාලා.
එහිදි කැපී පෙනෙන චරිතයක් වුණේ අතුල හා සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරියි.
ගීත ගායනා කිරීම සඳහා ඇයගේ මව සමිතා මුදුන්කොටුව වේදිකාවේ සිට කාවින්ද්‍යාට ආරාධනා කරන අවස්ථාවේ සැමගෙන් ඉල්ලීමක් කළා.
එම ඉල්ලීම ඒ අවස්ථාවේ සිටි බොහෝ දෙනාගේ නෙතගට කඳුලක්ද එක් කළ ඉල්ලීමක් වුණා.
සමිතා එහිදි පැවසුවේ තමන්ව ආදරයෙන් මෙතෙක් දුර බලාගෙන ආවා වගේම දියණිය කාවින්ද්යාවද ආදරයෙන් රැක බලා ගන්නා ලෙසයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්..