Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 22
2,435
Views
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම - 8 කණුව ප්‍රදේශයේදී  ඊයේ (21) දහවල් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් තුන්දෙනෙකු බව සදහන්.

මෙම අනතුර අසල තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබෙන අතර වේගයෙන් පැමිණෙන ත්‍රීවිල් රථයට එකවරම වේගය පාලනය කරගැනීමට නොහැකිව පෙරලී යන අතර පසුව එය අනෙක් පසින් පැමිණෙන බස් රථයේ ගැටෙනවා.

පසුව ත්‍රීවිල් රථය මාර්ගයෙන් ඉවතට විසිවන අතර එහි ගමන්ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙන බවට වාර්තා වෙනවා.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top