Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 19
2,580
Views
මංගල්‍යය ප්‍රමාද වී හෝ හරිගිය සතුටට හෘදයාබාධයක් ඇවිල්ලා. සිය දියණියගේ මංගල දිනයේ පෝරුවේ චාරිත්‍ර අතරතුරදී මංගල සභාව මත හෘදයාබාධයකින් ඇදවැටුණ පියෙකු හදිසියේ මියයාමේ පුවතක් පොල්පිතිගමෙන් වාර්තා වනවා.

පොල්පිතිගම මඩහපොළ ප්‍රදේශයේ ඊයේ (18) පැවති මංගල උත්සවයකදී මෙම සිද්ධිය සිදුවී ඇත. මියගොස් ඇත්තේ පොල්පිතිගම පන්සියගම මඩහපොළ ලිපිනයේ පදිංචි ජී.එම්. ප්‍රේරමචන්ද්‍ර නමැති 64 හැවිරිදි පියෙකි.

ඔහුගේ දියණියගේ විවාහය බොහෝ සේ ප්‍රමාදව තිබෙන නමුත් මෙම මංගල්‍යය පසුව හෝ හරියාම ගැන පියා අධික සතුටින් කල්ගත කර ඇත.

මංගල උත්සවය ගැන අධික සතුටකින් කල්ගත කළ ඔහු රුධිර පීඩනය උග්‍රවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට විශ්වාස කෙරේ.

මංගල දිනයේ සිය දියණිය කැටුව ඇවිත් පෝරුව අසළ චාරිත්‍ර නිමවනතුරු සිටගෙන සිට ඔහු ඇද වැටුනේ පෝරුව මතටය.

ඇද වැටුණ අවස්ථාවේ මංගල උත්සවයද අවුල්ව ගිය අතර වහාම  ඔහු පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කරන ලද්දේ මනමාලයා විසිනි.

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වුණා. අවසානයේ මංගල නිවස අවමංගල නිවසක් බවට පත්ව තිබේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top