රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වෙන් ද රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත් වුණා. ඔහු එම ඉසව්ව නිම කළේ තත්ත්පර 19 යි දශම 7 යි 8 කින්. මෙය මීටර් 200 ඉසව්වෙන් බෝල්ට් රන් පදක්කම දිනූ 3 වන ඔලිම්පික් උළෙලයි.
මීට පෙර ඔහු මීටර් 100 ඉසව්වෙන් ද එම දස්කම දැක්වීමට සමත් වුණා. මේ සමගම බෝල්ට්ගේ ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනවා. මීටර් 100 සහය දිවීමේ ඉසව්වද ජැමෙයිකාවට ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත් උසේන් බෝල්ට් නැවත බිදිය නොහැකි විශිෂ්ඨ ඔලිම්පික් වාර්තාවකට හිමිකම් කියනු ඇති.