Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 18
3,003
Views
දින තිබුණෙ ඔක්තෝබර් මාසයේදි..
ජීවිත කාලය පුරාම ගුවන් ගමන් නොමිලේ

ටිකක් දුර්ලබ කතාවක් තමයි මේ කියන්න යන්නේ. ඩුබායි සිට පිලිපීනය දක්වා ගමන් ගත් Cebu Pacific Air ගුවන් සමාගමට අයත් ගුවන් යානයක තමයි මෙම සිද්දිය වෙලා තිබුණෙ. මෙම සිදුවීම ඇසින් දුටු කාන්තාවකගේ ෆෙස්බුක් ගිණුමේ, ඇය එම අත්දැකීම මෙසේ පළකර තිබුණා.

"සාමන්‍ය පරිදි ගුවන් යානය ගුවන් ගමන සිදු කරන විට කවුරුත් නොසිතූ පරිදි, මගේ ආසනයනට ආසන්නයෙන් සිටි ගැබිනි මවක් අප ගුවන් ගමන අතතුරදී සෞඛ්‍ය සම්පන්න ගැහැණු දරුවෙක් බිහි කළා. දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ හදිසි ගොඩ බැස්සවීමක්ද කරන්න සිදු වුණා. සියලු ගුවන් සේවිකාවන් , ගුවන් නියමුවන් හා ගුවන් මගීන් ද ඉතා අවධානයෙන් හිටිය මෙම වාසනාවන්ත දරුවා ගැන. ඇය ගුවන් යානයක් තුළ උපන් බැවින්, ඇයට ජීවිත කාලය පුරාවටම නොමිලේ ගුවන් ගමන් මෙම ගුවන් සේවය මගින් ලබා දීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

සම්පූර්ණ කතාව:

ගුවන් යානය පිලිපීනයට ගොඩ බැස්සවීමට පැය 5ක් පමණ ඉතිරිව තිබුණි. ඇයට දරු ප්‍රසූතියට දින නියමිතව තිබුනේ ඔක්තෝම්බර් මාසයේදී. නමුත් ඇය දරු ප්‍රසූතිය ආසන්න විය. ගුවන් සේවිකාවන් වෛද්‍ය ආධාර පතන අතරතුරදී තවත් පුදුම සහගත සිදු වීමක් සිදු වුණි. ගුවන් යානයේ මගීන් අතර හෙදියන් දෙදනෙකු විය. ඇයව ගුවන් යානයේ ඉදිරියේ ඉඩ ඇති තැනකට ගෙන ගොස් අවශය පහසුකම් සපයා දීමට ගුවන් සේවිකාවන් වහ වහා පියවර ගත්තා. ගියේ මිනිත්තු කිහිපයි, අපට හුරුබුහුටි ශබ්දයක් ඇසුනි. ඔව් ඇය සාර්ථකව දරු ප්‍රසූතිය සිදු කර ඇති බව අපට වැටහුනි. ගුවන් යානයේ ගමන් ගත් මගියෙකුගේ සූට්කේසයේ තිබුණු ළදරු ඇදුම්ද ඇයට ලබා දුනි. ගුවන් සේවිකාවන් විසින් කැබිනෙට්ටුවකට (mineral water) ඛනිජ ජලය පුරවා සිගිත්තාව පිරිසිදු කිරීමටද පියවර ගත්තේය. ගුවන් යානය වහාම ඉන්දියාවේ ගුවන් තොටුපොලකට ගොඩබැස්සවීමට තීරණය කෙරුණි. මක්නිසාද දරුවාගේ සෞඛ්‍ය මට්ටම සහතික කිරීම සඳහා අවශ්‍ය වූ බැවිනි. ගුවන් යානයේ නියමිත ගුවන් කාලය වූයේ පැය 9කි, නමුත් දළ වශයෙන් පැය 18ක් පමන ගත වුනි, නමුත් කිසිදු පැමිණිල්ලක් මෙය පිලිබදව වාර්ථා නොවුණි. ගුවන් යානයේ සියල්ලම ඇය සහ දරුවා වෙනුවෙන් ප්‍රාර්තනා කලේය. අනාගතයේ මගේ ලමයෙක් මගෙන් අහුවාම, "මොකක්ද අම්මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම?" කියල, අනිවාරයෙන් මම ඔහුට මෙම සිද්දිය කියයි."

ඇය එසේ සටහනක් තබා තිබිණි. දින 2ක් තුලදී මෙම සටහන 3500කට අධික ෆෙස්බුක් ලෝලීන් share කර ඇත.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top