Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2016 August 18
3,152
Views
ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශුර උසේන් බෝල්ට් මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

ඒ තුන්වන අවසන් පූර්ව තරගය ද ජය ගනිමින්. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 19.78ක්.

මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ කැනඩාවේ අන්ද්‍රෙ දිග්‍රාස් මෙම තරගයේ අවසන් මීටර් කිහිපයේදී උසේන් බෝල්ට්ට දැඩි අභියෝගයක් එල්ල කළේ තත්පර 19.80 කින් තරගය නිම කරමින්.

කෙසේ වෙතත් මෙම තරඟයේදී බොල්ට් හා අන්ද්‍රෙ දිග්‍රාස් එකිනෙකාට සිනා සෙමින් එම ඉසව්ව නිම කිරීමද විචාරකයින්ගේ දැඩි කතාබහට ලක් වුණා.

එමෙන්ම මෙම සිදුවීම මේ වන විට ලොව පුරා මාධ්‍යන්හි අවධානය දිනාගෙන තිඛෙනවා.ඔවුන් පවසන්නේ මෙය ඔලිම්පික් තරඟාවලියේ දුටු සොඳුරුතම සිදුවීම් වලින් එකක් බවයි.

කෙසේ නමුත් බොල්ට්ගේ ප්‍රධානතම තරඟකරු වන ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් මීටර් 200 අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වී නැති බවයි වාර්තා වන්නේ.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top